Followers

Wednesday, October 5, 2016

අත් හරින්න පින් වතුනි- අත් හරින්න- අපි අල්ලගන්නම්

ගිහියනට දම් දෙසනව
අත් හරින්න
පින් වතුනි
අත්හරින්න..
ඉතිං දහම් අහල
ඒව පිළිපැදල
ගිහියො අත් හරිනව.

ඉන්පසුව ඒ අත්හරින දේ වෙන කට්ටියක් බදා ගන්නව.
අත්හරින හැමදේම බදාගන්න එකද දැන් කාලේ අභි දර්මේ.
නරියා සහ කේජු කථාවට සමානයි නේ??

--------------------------------------
සත්‍යෝදය-මහාචාර්‍ය වල්පොල  රාහුල - පිටුව 37

කියවන්නා- (ප්‍රශ්නය)තමාට පින් බලාපොරොත්තුවෙන් යමක් කිරීම සම්පූර්ණ පිරිසිදු අදහසක් නොවන බවත් ප්‍රාර්ථනා කිරීම, අන්තිම වශයෙන් ඉවන් ප්‍රාර්ථනා කිරීම පවා බෞද්ධ අදහසක් නොවන බවත් ඔබ කියන්නෙහිය. මෙය මට තේරුම් ගත නොහැක. කරුණාකර ඔබගේ අදහස පහදා දෙන්නෙහිද?

රාහුල- ඔව්, මම එය තෝරා දෙන්නට වෑයම් කරමි. නමුත් එය වච්නයක් දෙකකින් කළ හැක්කක් නොවේ. සත්‍යය සෙවීමේ අභිලාෂයෙන්, කිසිත් බැඳීමක් නැතිව, නිදහස්ව සාකච්ඡා කිරීමෙන් පසු ණුවනින් සිතා බැලීමෙන් වැටහෙනවා ඇත. පොතපතින් හෝ ගුරු මුඛයෙන් උගත්දේ පමණක් සත්‍යයයයි සිතා ගෙන කලින්ම සත්‍යයට සීමාවක් තබා ගත් පුද්ගලයෙකුට කවදාවත් සත්‍යය අවබෝධ කළ නොහැක. එනිසා කිසිවකටත් වාල් නොවී නිදහස්ව සිතන්නට පුරුදු විය යුතුය.
තමාට පින් බලාපොරොත්තුවෙන් යමක් කිරීම පිරිසිදු අදහසක් නොවන බවත්, ප්‍රාර්තනා කිරීම අන්තිම වශයෙන් ප්‍රාර්ථනා කිරීම පවා බෞද්ධ අදහසක් නොවන බවත් තෝරා දෙන්නම්....

5 comments:

  1. දෙව් මිනිස් සැප කෙළවර අමාමහ නිවන ශාක්ෂාත් කරගන්නට මේ පින හේතුවාසනා වේවා.. සාදු සාදු සාදු..

    ReplyDelete
  2. එ මදිවට යන එන පොඩි කොල්ලන්ගෙත් අල්ලනවා

    ReplyDelete
  3. /* තමාට පින් බලාපොරොත්තුවෙන් යමක් කිරීම පිරිසිදු අදහසක් නොවන බවත්, ප්‍රාර්තනා කිරීම අන්තිම වශයෙන් ප්‍රාර්ථනා කිරීම පවා බෞද්ධ අදහසක් නොවන බවත් තෝරා දෙන්නම්.... */

    මං ඉස්සර අහල තියෙනව කවුද කෙනෙක් හිඟන්නෙකුට රුපියලක් දීලා, ඒ පින් ජැක්පොට් එක ම බලයෙන් ඇදේවා කියා රුපියල් දහයක් දීලා ඒ එක්කම ලොතරැයියක් ගන්නවාය කියලා!

    ReplyDelete
  4. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්