Followers

Monday, October 24, 2016

මෛත්‍රීගේ වැවෙන උඩු රැවුල කපනු! Metamorphosis of Mithree continues- Can we stop?



පරණ ආන්ඩුව මුල්ලේරියාව හන්දියේදී හැරුණු බව අපි දුටුවා.
ඊයේ පෙරේදා සිදු කළ,
මෛත්‍රීගේ අභද්‍ර ප්‍රකාශයෙන්
මේ ආණ්ඩුව පදනම් ආයතනයේදී හැරුණු බවද කියන්නේ?
ආණ්ඩුවේ පදනමටම ගැහැව්වා කියලද කියන්නේ?

පරණ ආණ්ඩුව ආරස්සා කොරන මාෆියාවක්, මාධ්ය මාෆියාවක්
ගත් මාර්ගයේ ප්‍රතිපල ලැබෙමින් පවතී.

ඉංග්‍රීසි බැරි සල්ලි කාර
සරොම් කාර මුදලාලිගේ
මාර්ගයද මෛත්‍රී තෝරන් තියෙන්නේ?
සල්ලිය බලය පවුල් ජාල රකින මාර්ගය??

ආණ්ඩුව ආ කාලයේ තිබුනු සාහිත්‍ය සම්මන්ත්‍රණ,
කවි සංවාද,
සිංහල බ්ලොග් කාරයින්
ලොකු කොරන තැන් වැඩියේ පෙනෙන්නට නැත

 වාලම්පූරිය ඝණ දෙවි පූජා ආදියට
විසාල ප්‍රචාරයක් තැනක් ලැබෙමින් පවතී.

සජිත් ප්‍රේමදාස ප්‍රාදේශීය නායකයෙකුට වඩා  ඉහල තනතුරු වලට නොසුදුසු කෙනෙකු යයි ඔප්පු කරමින් ඇත.

නිවී යමින් තිබුනද අලු යට සැඟ වී ඇති ගිනි පුපුරු වලට පිඹින යාපන සරසවියේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම අනුමත කල හැක්කේ සිහිසුන් අයට පමණි. අල්ලස් කොමිසමේ දිල්රුක්ෂිට හා එෆ් සී අයි ඩියට ජනපතිගේ දොස් කීම හා මෙය සමගාමීව සිදුව තිබේ.

රට කැලඹූ මහ අපරාධ වංචා වලට සම්බන්ධ උන්ව රකින තැනකට ප්‍රසිද්ධියේ බලවතුන් යොමු වෙමින් ඇත. බලය සඳහා ලොකු උන් කඳ වුරු වලට වෙන් වන විට බයිට් එකට ගන්නේ පොඩි එවුන්ය.

ඡන්ද දිනන සිරි ලංකා කාරයෙක් නම් ඔවුන්ව වට පිටේ ආරක්ශ හිතවත් වලල්ලේ තබාගෙන ඉහලින් ක්‍රමය වෙනස් කිරීමට එනම් 19 වන සංශෝධනය ආදී හා නව ව්‍යවස්තාව ගෙන ඒමයි මෛත්‍රීගේ වැඩ පිළිවෙල! කටයුතු සිදුවන හැටියට 19 ට වූ හැටියට නව ව්‍යවස්ථාව වෙයිද?? එසේ වෙනවා යයි තද විශ්වාසයක් මා තුලද තිබේ. නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට මෛත්‍රී උපායමාර්ගිකව යම් යම් පියවර ගන්නවා යයි සිතමු. අල්ලස් කොමිසම හා එෆ් සී අයිඩියට පහර ගැසීම හා ප්‍රභුන් අත් අඩංගුවට ගැනීමට තමාගෙන් අවසර ගන්නට ඕනා යයි පැවසීම උපාය මාර්ගයේ කොතනට ෆිට් වෙනවාද-ගැලපෙනවාද  යන්න නම් විසාල ප්‍රස්නයකි.

ජනතා බලවේග සිහි එලවාගෙන කටයුතු නොකලොත් පදනම් ආයතනයෙන් ඇරඹුනු මේ නව යුගයේ සරසවි සිසුන් වෙනත් වාමංශික ක්‍රියාකාරීන් ආණ්ඩුවේ දොස් දකින උන්, උන්ගේ කුණු ගොඩවල් වලට, දූෂණයට මර්දනයට පමණක් නොව ජාතිවාදයට විරුද්ධ උන් පවා මිය යන්නට නියමිතය. පොලොවෙන් අඩි හයක් යටට යන්නට පෙර මෛත්‍රී සිය සූට් කේස් එක රැගෙන පොලොන්නරු යනු වෙනුවට එංගලන්තයේ පදිංචියට යන්නට වේදැයි කෙනෙකු තුල සැකයක් මතුවේ.

ජනතා විරෝධය නිසා අවුරුදු දහස් ගනනක් පැරණි සිරිතක් වූ නේපාලයේ මහ ඝව ඝාතනය නවතා දමා තිබේ.
ඇමරිකාවේ බලයට පත්වෙන්නට වලි කන ඩොනල්ඩ් ට්‍රම්ප් වැන්න උන් දිහා බලන කල ලෝකයට නායකත්වය දෙන්නට වෙනත් බලවතුන් අවශ්‍ය බව පෙනේ.

10 comments:

  1. රෙද්ද ගැලවෙන කොට නිරුවත පේනවා. ඇස් පියා ගෙන මෛත්‍රී පස්සෙ ගිහින් වැඩක් නෑ නේ ද? මෛත්‍රී කියන්නෙ මෛත්‍රීටයි.

    ReplyDelete
    Replies
    1. කොහෙද ගිහින් හිටියේ මිත්‍රයා?

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  2. මෛත්‍රීපාලට ගිලට් රේසරයක් (ගිලටිනයක් නොවේ!) වහා ලබා දෙනු!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  3. මෛත්‍රී කල (අපට කල )ලොකුම වරද පක්ෂ නායකත්වය භාර ගැනීමයි.එතැනින්ම මෛත්‍රීගේ නිර්පාක්ෂික භාවය අහෝසියි.දැන්මම ඔය වැවෙන රැවුල කපලා දැම්මොත් හරි.නැතිනම් පස්සට කරදරයි.

    ReplyDelete
  4. මෙහෙමයි. රැවුල වැවෙන්නේ මෛත්‍රීගේ වම් පැත්තෙයි රනිල්ගේ දකුණු පැත්තෙයි. ඒක මේ ආණ්ඩුවේ ජාන විකෘතියක්ද.... Gene mutation ගැන මෙහෙම ලියලා තියෙනවා දැක්කා. හරිද වැරදිද කියලා මම දන්නේ නැහැ.

    /////Gene mutations can be classified in two major ways:

    Hereditary mutations are inherited from a parent and are present throughout a person’s life in virtually every cell in the body. These mutations are also called germline mutations because they are present in the parent’s egg or sperm cells, which are also called germ cells. When an egg and a sperm cell unite, the resulting fertilized egg cell receives DNA from both parents. If this DNA has a mutation, the child that grows from the fertilized egg will have the mutation in each of his or her cells.

    Acquired (or somatic) mutations occur at some time during a person’s life and are present only in certain cells, not in every cell in the body. These changes can be caused by environmental factors such as ultraviolet radiation from the sun, or can occur if a mistake is made as DNA copies itself during cell division. Acquired mutations in somatic cells (cells other than sperm and egg cells) cannot be passed on to the next generation.///////

    ReplyDelete
  5. කොච්චර හොරු ආරක්ෂා කරත් රනිල්ට වචනයක් කියන්න දිව නැමෙන්නේ නැහැ නේද?

    ReplyDelete
  6. මේ අනතුරු ඇඟවීම නොතේරෙන් අය ත් තේරුනත් නොතේරුනා වගේ ඉන්නා අයත් ඉන්නවා මචන්.

    ReplyDelete
  7. මේ රැවුල කපන්න ලේසියි. පොරොවෙන් කපන්න තියන්න හොඳ නෑ

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්