Followers

Friday, December 30, 2016

ගහපු පොල් ඔක්කොම කැරකිල දඩෝරියන්... අපේ ඔලුව උඩමනේ..


ආයි නම් පොල් ගහනව කියා හිතන එකක්වත් නෑ. ගහපු පොල් ඔක්කොම කැරකිල දඩෝරියන්... අපේ ඔලුව උඩමනේ... ඒකා බද්ධ විපස්සේ ගන්නම දෙයක් නෑ. No address . පන්සලක් නෑරම ගියා. අභයාරමේ පදිංචිවෙලා හිටිය. ඉන්න තැනක් නෑ කිය කිය කෑ ගගහ හිටිය. බස්වලින් මිනිස්සු ඇදලා ඇදලා ගිරිය පුප්ප පුප්පා කෑ ගහල පාගමන් ගිහිල්ල..දැන් කියනව ආණ්ඩුව 2017 පෙරලනෝ, හැබැයි මං ලොක්ක යටතේ වැඩකරනෝ...

අනෙක් පැත්තෙන් ගහපු පොල් කැරකිලා විමලෙටත් වැදුන වගේ. ආණ්ඩුවේ සවුදම යන්න, රීබට් වෙන්න, රෙදි ගලවෙන්න පට්ට ටෝක්ස් දෙන විමලෙට වෙච්ච වැඩේ! බැලුවොත් මෑන්ස්  FCID එකේ පැය හතයි පැය හතයි. මේ ව්‍යාග්‍රා කේස් එක නැතුව. ඒකට යන්න වෙන්නේ වෙන තැනකටනේ හිටං..
සිරිසේනයෝ කෝ මේ සිරිසේන පල ගෙදර... කිව්ව හාදයනේ මේ.. ඈ බං ඉහ නිකට බලලවත්ද එහෙම කථා කොලේ හෑ..තේරෙන්නෙ නැද්ද දැන්වත් කඩේ ගියා නේද? කඩේ ගියා නේද.හිටං.?

පරණ අවුරුද්දෙ ඒවා වැඩක් නෑ දැන්.

කෙසේ වෙතත් සිරිසේන ජනපති තුමා කෙලින් ඉන්නවා.
අපේ ජනපති තුමා හොරෙක් නොවෙයි. ගෙවුනු දැවුරුද්දෙන් පෙරල ගත්තම අද ඉතිරිවෙලා තිබෙන හොඳම එකම එක..
ප්‍රජාතන්ත්‍රවාදී ඉඩක් රටේ පෑදිලා තියෙනවා. හැම කෙනෙකුගෙම  විරෝධය පාන්න ඉඩ ලැබෙන හඬට කන්දෙන තත්වයක් ඇති වී තිබෙනවා. එය යහපාලනේට කඩේ ගිය අපට සැනසිල්ලක්. අවුරුදු දෙක තුල ප්‍රගතිශීලි ජනතාව ලද ජයග්‍රහණයක් ඒක.

2017 වසර සංවර්ධනයට පා තබන අවුරුද්ද. නව ව්‍යවස්තාවක් එන අවුරුද්ද. මොන ප්‍රශ්න තිබුනත් මැති ඇමතිවරුන්ට වාහන දුන්න. දීමනා වැඩිකරල දුන්න. ඔව් බලමු අගමැතිතුමාගේ සිහිනය මල් පල ගැනෙන හැටි. අපි හැමෝගෙන හීනය, ලංකාව සාමකාමී සමුර්ධිමත් රාජ්‍යයක් වන බව දැකීමට.

4 comments:

  1. ඔහොම කියලවත් හිත හදාගමු නේද මෙයාලා. රටේ ආර්ථිකය වැටිලා, ආයෝජකයෝ එන්නේ නැහැ. ලොකුම හොරා අගමැති. ආණ්ඩුවෙන් එකා දෙන්න පනිනවා. උද්දච්ච කමට සුපිරි බලතල අරගන්න ගිහිල්ල පස්ස බිම ඇනිලා දැන් බයිලා ගහනවා. හොර නොකන ජනාදිපතිට චෝදනා කරන්නේ ඔස්ට්‍රේලියාව. පුකතද වුනාම විමලයව FCID ගෙන්නල්ලා තියාගෙන යවනවා. හරිනම් හිරේ ඉන්න ඕනේ අගමැතියයි, අර්ජුන් මාමා-බැනා දෙන්නයි රට සවාරි ගහනවා.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්