Followers

Saturday, January 2, 2016

මඩුවල්ගයේ රහස- Time To Revisit Our Cultural Strenghts





මා මීට කලින් ලියූ බ්ලොග්පෝස්ට් එකෙන් ඉල්ලා සිටියේ අපට මඩු වල්ගයක් නත්තල් තෑග්ගක් ලෙස එවන ලෙසය. ඒ, එයින් අපටම තලාගන්නටය. යහපාලන ආණ්ඩුවේ බලවතුන් නටන නාඩගම් දැක්කම කෙනෙකුට එහෙම හිතෙනවාය. එවනවා වෙනුවට මෛත්‍රී ඒකෙන් කාටද තලන්න ඕනෑ යයි කියා මාධ්‍යට ශෝක් තෑග්ගක් දුන්නේය. ශූර දේශපාලකයෙක් වන මෛත්‍රීගේ අතින් එය සිලිප් උනා නොව දුස්රා එකක් බවත් පිතිකරුවන් හා ප්‍රේක්ෂකයින් අඹරන්න දැමු දහං ගැට පන්දුවක් දැයි විමසා බලනු වටී.

කෙසේවතුදු මඩු වල්ග කතන්දරයෙන්, සරමෙන් වැසී තිබුනු වැදගත් කරුණු කීපයක්ම එළියට පැමිණියේ යයි සිතේ. ඒ අතරින් කීපයක් පහත දක්වමි.

1. සිරි ලංකාව පිළිබඳ පැහැදිළි ඉදිරි දර්ශනයක් වත්මන් නායකයාට නැතිබව

2. මෙවන් සංදර්ශන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට උපයෝගී කරගත හැකි බව-මඩුවල්ග කතාවලින් වෙන්නේ එවැනි ව්‍යවසායකයින් අධෛර්‍යයට පත්කිරීමකි.

3. ජාතික වස්තු දෙකක් මෙන් සැලකිය හැකි මහේලත් සංඝාත් සිය හැකියාවන්   රට ප්‍රවර්ධනයට යොදාගන්නා බව

4. විශාල බදු මුදලක් මෙවැනි විනෝදාංගවලින් නගර සභාවලට ඉපයිය හැකි බව

5. සිංහල භාෂාවේ රූඩින් සෘජු ඉංග්‍රීසි බසට පරිවර්තනය නිසා කියවන්නා විශාල අවුලකට යනබව-මඩුවලිගෙන් තලන්නට ඕනෑ බව කීවටා අපි කවුරුත් මඩුවලිගයක් ජීවිතේට දැක නැත.

                                                                     


පසුගිය අවුරුද්දකට ස්වල්පයක් වැඩිකාලයක තුල කෙරුණු මෛත්‍රීගේ සීමිත කියුම්කෙරුම්වලට සවන්දීමෙන් ඔහුගේ ඇදහිළි කීපයක ලක්ෂණ මතුකරගත හැකිය.

1. බණ්ඩාරනායක ප්‍රතිපත්ති

2. මැන්ඩෙලා ලෝලයෙකි-ඊයේ පෙරේදා දැක්ක, පූටින් ලෝලයෙකුත් බව

3. බෞද්ධාගමිකයෙකි, එහෙත් කෝවිල් යයි, මුස්ලිම් පල්ලියට යයි, ක්‍රිස්තියනි-කතෝලික දෙව් මැදුරට යයි.

4. ලංකාවේ සංස්කෘතිය ලෝකයේ හොඳම එකක් බව 

5. ද්විපාක්ශික ප්‍රජාතන්ත්‍රවාදියෙකි-තුන්වැනි පක්ෂයකට ඉඩ නොදේ

6. රැජින අත්මේස් ගලවා අතට අත දුන්බව ලොකු කොට ප්‍රසිද්ධියේ කිව යුතු බව

7. සිය ගැමිගතිය ලංකාව තුළ හොඳට විකිණිය හැකි බව

8. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනිපය තුල ජ්‍යෙෂ්ඨත්වයට සැලකීමක් කලේ නැත-  ජනපති අපේක්ෂකයා ලෙස තරඟකිරීමට ප්‍රධාන හේතුව

9. ජනපති වූයේ සිය සරම නිසා බව-සංස්කෘතියක් සදාචාරයක් සමගින් බ්‍රා කතන්දරය මතුවුයේ හා වෙනත් පාර්ශවයන් වෙතින් එන විරෝධය සමහන් කරගැනීම හා සිය සුදු සරම ආරක්ෂාකරගැනීම පිණිස විය හැක.

                               
                                                            
 අශෝක හඳගම සඳහන් කරනු ඇසුනා, 
ලංකාවේ ආර්ථිකය සවිගන්වන්නට සංචාරක කර්මාන්තය විවිධ අංශ උදාහරණයක් වශයෙන් Events Based Tourism නංවන්න අවශ්‍යයයි කියලා. එන් රික්ස්ගේ ප්‍රසංගය නරඹන්න ඉන්දියාවෙන් හා බංග්ලාදේශයන් පවා රසිකයින් පැමිණියා කියලා. ඇත්තටම මේවැනි ප්‍රසංග දිරිගැන්වීමයි කලයුත්තේ. මා කලිනුත් ලියා තිබෙනවා ලංකාවේ දාන මාන ෆෝන් කාඩ් ආර්තිකයෙන් මුදවාගෙන සැබෑ ආර්තික ක්‍රියාකාරීත්වයකට රට ගෙනියන්නට සංගා මහේල වැනි ජාතික වස්තූන්ගෙන් වැඩක් ගත යුතුය කියල. ඔවුන් එලෙසින්ම ඔවුන්ගේ කටයුත්ත කරගෙන යනවා. අප එයට දිරි දිය යුතුයි.
එමෙන්ම මඩු වල්ග කතාවෙනුත් මතුවන අපේ සංස්කෘතික, සම්ප්‍රදාය , අනන්‍යතාවයන්, ප්‍රාදේශීය අනන්‍යතාවන්, ප්‍රාදේශීය කර්මාන්ත, කලා සම්ප්‍රදායන් දියුණු කොට දේශීය හා අන්තර්ජාතික සංචාරක කර්මාන්තය නැංවීමට මඩුවල්ග කතිකාව අත්වැලක් කොට ගත යුතුය.

2015 විප්ලවීය වසරක්, 2016 එය ඉදිරියට ගෙනයන වසරක් කරගැනීමට නම් දේශපාලකයින් හා මාධ්‍ය විසින් දෙන ලණු නොකා රටේත් ජනතාවගේත් ඉදිරිය පිණිස වැඩපිලිවෙලක් දමාගැනීමට බලපෑම් කිරීමට උත්සුක විය යුතුය. සිංහලේ වැනි ජාතිවාදී උපා උපක්‍රමවල යටි අරුත් තේරුම් ගනිමින් ඒවා පරදවමින් ජාතික සමගියට යටිඋගුල් අටවන බලවේග තේරුම් ගෙන ඒවා පරදවමින් ඉදිරියට යෑමට අදිටන් කරගත යුතුවෙමු.
                                    

                                 ශුභ 2016ක් වේවා!