Followers

Thursday, March 31, 2016

මී ලඟ අංචිය - පොල් ගහලා නටපන් නෑනෝ - What is next plot on the card?


හැම පන්සලටම යමු නෑනෝ
හැම මල ගෙදරම යමු නෑනෝ
පොල් ගහලා නටපන් නෑනෝ
ගම්මිරිස් අඹරා තවරන් නෑනෝ
ට්‍රාන්ස්ෆෝමර් ලා ලා අඳුරේ නෑනෝ
පාතාලේ නැගිටුවා ගනිං නෑනෝ
රැස්වීම් තියලා බයකරන් නෑනෝ
ජපානේ ගිහිල්ලා කලු සුදුකරන් නෑනෝ
ඉක්ටා එපෝ කෑ ගහපං නෑනෝ
ජිනීවා ගොස් අඬමුද නෑනෝ
සුයිසයිඩ් ජැකට් තියලා බයකරං නෑනෝ

රජාට රජාවගේ කන්න කියා දුන්නනෙ නෑනෝ
ඒත් මූ කන්නෙ නෑනේ නෑනෝ

ආණ්ඩුවෙන් ශ්‍රී ලනිපෙ එවුන් අදිමුද නෑනෝ
ලොකු උදව්වක් නෑනෝ කරපං නෑනෝ

කුමාර් ගුණරත්නමුත් ඇතුලට දැම්මා නෑනෝ
දැන් කාගෙ කොල්ලොද කඩේ යවන්නේ නෑනෝ

ඊලඟට අපි කුමක් කරමුද නෑනෝ
ශ්‍රී ලනිපය කැඩුවොත් දෙකට නෑනෝ
ගෙදර ගියත් මග හිටියත් අපි නසී නෑනෝ
මගෙ නෑනෝ

Thursday, March 24, 2016

තම්බියෙක් ගැන ඇයි ඔතරම් වේදනා


මහ සිකුරාදා යේසුස්ට වහන්සේට
පුද්ගලයෙකු ලෙස,
අසරණ ජනයාගේ ගැලවුම්කාරයෙකු ලෙස
සිදුවූ මහ විපත අසාධාරනය ගැන
කම්පාවන නොවන කෙනෙකු මිහි මත මත සිටීද

සහසක් සිත් සතන් නැලවූ
සහසක් උතුරේ දකුනේ අසරන ජනයාට බලාපොරොත්තූවක් වූ
විජය කුමාරණතුංග සහෘදයාට සිදුවූ මහවිපත ගැන
දුක්නොවන කෙනෙකු ලංකාවේ සිටීද

88-89 සන්දියේ
කිව නොහැකි ශාරීරික වදහිංසාවලට ලක්වී
කිසිම දෙයකට සම්බන්දයක් නැති අසරන
මියගිය දසදහසක් උන් ගැන
කම්පානොවන සිතක් ලංකාවේ කෙනෙකුට තිබිය හැකිද

මව්වරුන්ගේ කිරි බී ආදරය කරුණාව ලැබ උස් මහත්වී
නිදහස් අධ්‍යාපනයේ දිලෙන තරු රැස
විශ්ව විද්‍යාලයේදී උසස් අධ්‍යාපනය ආයතනයේදී හමුවන
දුප්පත් අසරන කාන්තාවන්ට
වදදෙන්නට තරම් ම්ලේච්ඡවන්නේ  පොන්නයො-වන්නේ කෙසේද

සතෙකුටවත් හිංසාවක් කරනවා බලාඉන්න බැරි
අහිංසක ජනතාවක් වූ ලාංකිකයින්
මේතරම් පහත් තැනකට පත්වූයේ කෙලෙසද?

තාජුඩීන්ගේ මරනය, කෲර ඝාතනය
සම්බන්ධව අන්තර්ජාලයේ තිබුනු
පෝස්ටුවකට ඇවිත්තිබු කොමෙන්ටුවකි
මා මාතෘකාව ලෙස යොදාගත්තේ

සංඝයාවහන්සේලා එක්ක හැප්පෙන්නෙ බලාගෙනලු
ලාංකීය සමාජය ශිෂ්ඨ සම්පන්න කිරීමේ නිලබලය හිමි
සසුනේ වහන්සේකෙනෙක්ගේ කාරුනුක දෙසුමකි ඒ

Wednesday, March 16, 2016

ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව ඇරඹින -තේ කෝප්පයේ කිඹුල්ලු දකිනු- Not to be Too Late.

War tactics  against every day people have just begun successfully
ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව  ඇරඹින
තේ කෝප්පයේ කිඹුල්ලු දකිනු

විදුලිය රට පුරාම හිට්ටෙව්ව
ජලයටත් ප්‍රශ්න ඇති උනා
මහ මාර්ගවලටත් ප්‍රශ්න ඇතිඋනා
කර්මාන්තවලටහා ජාතික ආදායම මෙන්ම
 ආයෝජනවලට බලපෑම් ඇති උනා
සාමාන්ය ජන ජීවිතය රෝහල් 
එදිනෙදා ජීවිකාව සොයාගන්නා සුලු කාර්මිකයින් 
හා කොන්ත්‍රාත්කරුවන්ට පහරක් වැදින.

ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව  ඇරඹින

තව පිරිසක්
සිසුන් නිතර නිතර මහපාරට දක්කයි
පාතාලය නිදහස් කෙරින
දොස්තරලා දෑසටවත් දැක නැති 
එක්ටාවක් අල්ලාගෙන ගෝරිකරයි
සයිබරයේ කෙප්ප සටන ගජරාමෙට දියත්වී ඇත
පන්සල්, ආදාහන උස්සව අරින්නේ නැත
හිරගෙවල් වල නිතරම
මිනිමරුවන්ට පිරිත් නූල්

ජනයාට එරෙහි යුද්ධ උපක්‍රම භාවිතය සාර්ථකව  ඇරඹින

පරිගණක පද්දති
රාජ්‍ය රහස් ලිපිගොනු
ජල මාර්ග
තෙල් ගබඩා
බේත් හේත්
ආහාර ගබඩා
ආදී ආර්ථික මර්මස්ථාන
වහ වහ රකිනු

තේ කෝප්පයේ කිඹුල්ලු දකිනු
මැරිච්ච කොටියෙක්ට
පන දීල නැගිට්ට්ල අරගෙන
දකුනු ඉන්දියාවේලු ඉන්නේ!?

Thursday, March 3, 2016

බ්ලොගර් කෙනෙක් ප්‍රධාන ධාරාවට යාමෙන් බ්ලොගර්ගේ රැස් ගිලිහේද?


(බලන්න නිල් පාට බිඳක් නැති ඈතින් පෙනෙන නිල්ල- කොළ පාට උනාට නිල්ල)

හූ, හූ, හොරු ඇල්ලුවාදැයි හොරුන්ම අසා වැඩි කල් ගත වුයේ නැත.
හොරෙක්, මහ හොරෙක් හොරු රැලක් දැලට අසුවිය. මෙන්න බොලේ හොරු හිටපු හැටියේ සීනිගම ගියහ. ඉන් මාස කීපයකට පෙර රජයක්, මහ රජයක් කරවූ ලොක්කන් හෙවත් හොරු හොර පොල් කඩා සීනිගම පොල් ගැසුවේ හොරු අල්ලන එෆ් සී අයි ඩී එක මක බෑ වෙලා යන්නටය. අපෝයි සීවරම් දෙයියනේ! වැදුනේ නායකයෙකුගේ පොකට් එකටය. දේවාලේ පිං කැටවලටය. දැන් සීනිගම දෙවියන් වහා කැමරා සවිකරන්නට යයි. එහෙම උනයි කියල, කිසිම සැකයක් හිතට ගන්නව නෙවෙයි ඕං.  දෙවියෝ එහි වැඩ සිටිනවාය.
හෝව් හෝව් පොඩියක් වේට්.. පොල් වැදිල තියෙන්නේ ලසිල්ටද මන්ද. ( එයාව ඉවත් කලේ නෑලු, තව අවුරුද්දකට දික් කලේ නැති එක විතරලු. හැබැයි අනෙක් අයගෙ කාලය අවුරුද්දකින් දික් කරලාලු. කාටද මේ පද පෙරලි අමාත්‍යාංශ ලේකම් තුමෝ? අපෝයි ගිය ආණ්ඩුවෙ මාධ්‍ය ප්‍රකාශකලා ඇණගත් විදිය දැන දැනත් දැක දැකත් මොකද්ද මේ නටන විගඩම?)

ජනපති අගමැති ගැන නොමැතිවුවත් දෙවරක් පැරදී කුජීත වූ මෑන්ස් ගැන ඒ ෆැමිලීස් එකේ අය ගැන ප්‍රවෘති පත්‍රවල රූපවාහිනියේ නොමැති දවසක් නම් නොවරදී. අපෝයි,

බයි වාදී දිවයින, සී නිව්ස් - මාලු නටනව; ඒවා කියවන විට, අපෝයි.
 තව පට්ට ජාතිවාදී හොරෙක් ඉතාලියෙද කොහෙද ටයි කෝට් ඇඳගත්ත හිටපු තානාපති කෙනෙක් මාටියා හගල මාට්ටු, අපෝයි රටේ සල්ලි, කෝ මහලොකු දේශප්‍රේමය.?

ඉට්කාදා ඉක්කාද මක්කද එක තවම තිබෙන්නේ ඩ්‍රාෆ්ට් කරන මට්ටමේය. අගමැතිම එය පිළිගනී. හැබැයි එයා ඉක්කාව සම්මත කරන බව සඵථ කරයි. තර්ජනය කරයි. තග දමයි. දොස්තර මාෆියාවේ කස්ටිය අතර ඉන්න කොහේවත් නැති කබ්බෝ නම් කර ෆෝම් කර බිල්ලෝ බිහිකරන්නට තටටමයි. දැකලවත් නැති මේකම කීයටවත් සම්මත කරන්න දෙන්නේ නැතිබව ජවිපෙ කියයි. පාරම් බායි.
(දැන් ජවිපෙ ලොක්කො සැට් එක හොඳ නලුවන්ය. රතුකොඩිය නැවතත් ගමේ දිය බුං ගහන් කොල්ලන්ට අහසින් පා යකර යවයි. කොරපු හරිය මතකයිනේ කොල්ලන්ට.)
මොකද්ද   මේ කේස් එක. හා සෙල්ලම ?
හොරා පොලිස් නේද.. ?
ආව් ආව් හොරා පොලිස් නේද?

මං මේ කියාගෙන ආවේ ලංකාවේ වත්මන් දේශපාලන තත්වයයි,
එහි තිබෙන විසුලුකාරී මඤ්ඤන් ස්වභාවයයි.
හොඳම පුද්ගලික උදාහරණය පැන්ෂන්ගිය මඤ්ඤන් නීති සිල්වාය.

''අද එකක්,
හෙට එකක්.
 එකට එකක් ප්‍රතිවිරුද්ධ අදහස්. ''

ඒ මදිවට බයිවාදී මාධ්යවලින් ශ්ලෝක මන්තර මෙන් ජපකරන සූත්‍ර ගාථා ජ්‍යොතිෂ අනාවැකි අතරට අතරට මේවාත් එක්කොට උලුප්පා නැව්ත නැවත පෙන්වයි.  තවමත් මිනිහා කට අරියි. ඊයේ කීවේ මොනවාදැයි මිනිහාටම මතක නැත.

මහමාර්ග තදබදය. නීති තදය. තද බදේ නැතත් අනෙක නම් හොඳය. ඒ උනාට ක්‍රමේ සැට් වී තියෙන්නේ පොලෝසියට ජරාව සැට් වෙන විදියටය. එය ජරාව වක්‍රව නොව කෙලින්ම නීතිගත වන ලෙසය. කොළඹ කොටුවේ ප්‍රධාන දුම් රිය පොලේ නිවේදකයා රස්තියාදුකාරයෙක් වගේය. කමිසෙ භාගෙට ඇරිලාය. ඇත්ත; ඉන්න හිටින්න බැරි තරම් රස්නෙය.ෆෑන් එක ගෑ වෙන්නත් මදිය. කතාකරන ඉන්ගිලිසිය ග්‍රීක් වගේය.

මිලියන් ගණනක් විදේශ සේවා නියුක්තිකයින්ගෙන් විශේෂයෙන් ගෘහ සේවිකාවන් විඳිනා දුක් ප්‍රධාන ධාරාවෙන්- දෘෂ්ඨිපථයෙන් පථ විදියට ඈත්කොට ඇත. දෘෂ්ඨිවිතානය මත වැටෙන්නේ සුන්දර දසුන්ය. කොලොන්නාව නරකාදී අපායක්ව බවට පත්කර ඇති කුණු මාෆියාවට බයේ එය උසාවි අස්සේ හංගා ඇත. එයට විරුද්ධව එන හංසයාව (ඔබට මතකද මන්ද ජනපති මෛත්‍රීගේ ඡන්ද ලකුණ) බලයට ගෙන ආ, ජනතාවට පහර දෙයි.

පරණ ආණ්ඩුව අරං තිබෙන ණය කන්දරාව තවම ගණන් බලා නැත.
 මේවා පාලනයට ප්‍රතිපත්ති තිබුනේ නැද්ද?

මේ ආදී වශයෙන් ලංකාව අද පත්ව තිබෙන පිස්සු මඤ්ඤත්වයට
පත්වීමට ප්‍රධාන හේතුවක් අපේ රාජ්‍ය ප්‍රතිපත්ති වල
තිබුනු මඤ්ඤත්වය නොවේද?.


ප්‍රසිද්ධ උදාහරණ

1. 56 භාෂා ප්‍රතිපත්තිය
2. ජනසතු කිරීමේ ප්‍රතිපත්තිය
3. 72 ව්‍යවස්තාව
4. 77 විවෘත ආර්ථික
5. අධ්‍යාපන ප්‍රතිපත්ති
6. කෘෂිකාර්මික ප්‍රතිපත්ති
7. කසල බැහැරකිරීමේ හා ප්‍රතිචක්‍රිය කිරීමේ ප්‍රතිපත්තිය etc, etc

ජනසතු කිරීමේ ප්‍රතිපත්තිය කෙසේද යත්
දැන් අධ්‍යාපන ක්ශේත්‍රයම පෞද්ගලික වී ඇති සෙයකි.
සෞඛ්‍ය ක්ශේත්‍රයම පෞද්ගලික වී ඇති සෙයකි
ප්‍රවාහන සේවයම පෞද්ගලික වී ඇති සෙයකි
ජනසතුකිරීමට පෙර තිබූ තත්වයට නැවත ගොස් ඇත.
ඊටත් වඩා අස්පට්ද මන්ද?

මහද්වීපයට අප සම්බන්ධ විය යුතුය, අනිවාර්‍ය්න්ම වියයුතුය.
ඉන්දියාව සමග මිත්‍රසම්බන්දකම් වගා කර ගත යුතුමය.
(උතුරේ විගාලා යටින් එයට විරුද්ධ නිසාද දකුණෙන් මතුවෙන ඉන්දියන් විරෝධයට උල්පන්දන් දෙන්නේ. )

ඒත් ප්‍රතිපත්ති...
ඒවා විසින් අපව විශාලා මහනුවරකට ඇද දැමූ නිසාද
ප්‍රතිපත්ති ගැන දෙවරක් තුන්වරක් සිතා බැලිය යුතුමය.

බංගලිදේශය සිය නිල ආගම මුස්ලිම් ආගම හලන්නට යයි,
උනුත් අපට ඉදිරියෙනි

අතුරු ප්‍රශ්නයක්!

ලංකාවේ බ්ලොගර්ලාටද ප්‍රතිපත්තියක් තිබිය යුතුද?