Followers

Sunday, April 24, 2016

ස්ත්‍රී යට ඇඳුම් සෝදා වනමු Another taboo subject - your kind advice is appreciated




ඇරියස් තියෙන කතා කීපයක් තියෙනව. පැරණි මිතුරියගේ එෆ් බී පිටුවට හොරෙන් ගොඩ උනෙමි හා අවුරුදු ගනනකට පෙර මා වල්පොල රාහුල හිමියන් ගැන ලියූ ලිපියක ඊ ලඟ කොටස් ආදී වශයෙන්..
ඒ වගේම මගේ ලිපි අතරින් සාරිය ගැන මා ලියූ කෙටි සටහන සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙන පෝස්ට් එකක්. කරුනු එසේ වෙද්දී ඊයේ පෙරේදා  සිදු වූ එකතුවකදී මිත්‍රයෙක් මතුකල කාර්ණාවක් ඒ ඇරියස් ඔක්කොම පරයා ඉදිරියට ආවා. ඔහු මතු කලේ මාතෘකාවට මා යෙදූ ඇඳුම් වර්ගය සම්බන්ධවයි.

බයෙත් බෑ අප්පා.
මතකනේ කතන්දරට කාඩ් එකකුත් වගේ වැදුනනේ ජොක්කු ගැන ලියල.

ඔහු ( මිත්‍රය) සැර ජාති දෙක තුනක් අරගෙන සප්පායම් වෙලා එහෙම හිටියේ.
එහෙම නැතත් මිත්‍රය කියන්න ඇවසි දෑ විහිලුවෙන් තහලුවෙන් ලස්සනට කියන්න දන්න කෙනෙක්.

මිත්‍රය මෙහෙම කියනව.

''ඔබ දැකල තියෙනවද ඔබගේ මවගේ, සහෝදරියකගේ හෝ කවුරු හෝ ස්ත්‍රියකගේ යට ඇඳුම් ? ''

එතැන සිටි 50 පැනපු අය ඔක්කොම කීවේ අ... හ්ම්- නැත, කියායි.

මිත්‍රය ආයි කියනව,

"'දැන්
ගෑනිගෙයි
දුවලගෙයි ඒව අපි තමයි හෝදන්න ඕන"

හ්ම්

හ්ම්

හ්ම්

හ්ම්

ෆේස් බුක් එකේ තිබුනු දික්වැල්ල වයින් ස්ටොර්ස් එකේ ''බඩු'' ගන්න සාරී ඇඳගත් ස්ත්‍රීන් කීප දෙනා සිටි පින්තූරය මතක් විය.

දැන් ස්ත්‍රීන්ගේ යුගයයි.
භූමිකාව මාරුවී ඇත.
අපි නරඹන්නෝ වෙමු.

වැඩි දෙනා ඒ ගැන වැඩි දුර කථා කලේ නැත,
සමහර විට ස්ත්‍රී ආධිපත්‍යයෙන් බැටකන අප ආතතියට පත්වීමට ඉඩ ඇති නිසා විය හැකිය.

අපේ අම්මල හා සහෝදරියන්ගේ නොදුටු ඒවා ගැන කථාවද ප්‍රෙහෙලිකාවක් සේ නතරවින.

ඉවසනු බැරිව මිත්‍රයාම නිහඬ බව නැවත බින්දේය.

ඒ විතරක්යෑ
''වනන්නත් ඕන,
වේලුනාට පස්සෙ ගන්නත් ඕන."

Wednesday, April 20, 2016

බක් යුද්ධය - මාතුගාමා ජාතකය- Fresh Graduate's quest for the welfare of poor

                                         

චූලෝදර මහෝදර යුද්ධකළ මැණික් පුටුව වගේ එකක්
ස්තුතියි.
ස්තුතියි.
ස්තුතියි.  දයල් බතීට නැවතත් සෑහෙන පිරිසක් එකතුවෙලා තිබෙනව අන්තිම පෝස්ට් එක කියවන්න. මගේ අනුමානය හරි. අපේ රසිකයෝ දේශපාලනේට වැඩියෙම කැමති නෑ. අනෙක මට සමාවෙන්න ඕන අනෙක් බ්ලොග් කරුවන්ගේ පෝස්ට් කියෙව්වත් නිතරම කොමෙන්ට් නොදැමීම ගැන. ලොතරැයික්වත් ඇදුනොත් ඉක්මනට පැන්සොන් ගිහිල්ල ෆුල් ටයිම් ඒ වැඩේ කරනව.

ඉතින් මෙවර පෝස්ට් එක බුද්ධාගම සම්බන්ධව.
මං හොඳ බුද්ධාගම් කාරයෙක් වගේම,
හින්දු භක්තිකයෙක්,
මුසල්මානුවෙක්, කතෝලිකයෙක්,
 ක්‍රිස්තියානි භක්තිකයෙක්. ඒ නිසා වරදවා වටහා ගන්න එපා.
කලින් ලියල තියෙනව වගේ විභාග පාස්වෙන්න අනෙක් ප්‍රස්න වල්දී මං ඔය හැම වර්ගෙම තැන්වලින් පිහිට යැදල තියෙනව. ඉතින් මුල අමතක කරනව  එහෙම නොවෙයි ඕන්. අනාගතේටත් ඒ තැන්වලට යනව.

බක් පෝය;
 චුලෝදර මහෝදර ගෝරිය බේරන්නට වැඩි බුදුහිමි නිසා අපට ඉතාම වැදගත්වේලු. බුදු හිමි තෙවරක් වැඩියත්  නිල වශයෙන් ලංකාවට බුද්ධාගම ගෙනාවේ මිහිඳුහිමියන්ලු. ලංකාවට බුද්ධාගම ගෙන ආවේ බුදුහිමියන් විසින්ම නේද? මා මේ ප්‍රශ්නය කලින් මතුකලා බර කාලෙකට පෙර. සෑහීමට පත්වෙන්න පුලුවන් පිළිතුරක් ලැබුනේ නැහැ.  මතක විදියට. කලින් තිබුනු රජ පාලනය තුලදී තමයි එහෙම උනේ. නැවතත් අපි බෝලෙ දාලා බලමු යහපාලනය තුල.
මං එහෙම කිව්වේ ඕනම දේකට කාලය බලපාන නිසා.

අද මා විසින් ගෙතූ කතාවක් ලියන්නයි සූදානම

                                                      මාතුගාමා ජාතකය

                             බුදුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙක එක් අප්සෙට් පොරක් උන් වහන්සේ වෙත එළඹ එකත්පස්ව සිට වැඳ නමස්කාර කොට තමන් ලඟ ඔබ වහන්සේ අප්සෙට් යා හැකි ප්‍රශ්නයක් තිබේ, එය විමසන්නට අවසරදැයි ඇසීය. එකෙණෙහිම උන්වහන්සේ වදාලේ ඔබ ප්‍රශ්නය අසන්නට පෙරම අප්සැට් වී ඇති සැටි පෙනේ. කෙසේ හෝ අසන්නැයි වදාලෝය.

පොර හිතූ තරම්ම අප්සැට් නැත.. අප්සැට් පොර සිය ප්‍රශ්නය ඇසීමට පෙර මුට්ටිය රුවා ලීමට සිතුවේය. මා ඔබ වෙසෙන ජේතවනාරාමයට ගැලකින් ගමන් කරනාතුර දුටුවා. පාරදිගටමට යදින යාචකයින් පිරිසක් හා උන් පසුකොට දේවාලය තුලට ගොස් මීයන්ට කිරි පූජා කරන භක්තිවන්තයින් පිරිසක්. ඉතින් සුවාමීනී මේ භක්තිවන්තයින් අර යාචකයින් පිරිසට ඒ කිරි බොන්නට දුන්නා නම් උන්ගේ බඩගින්න නිවෙනවා නේද? යි පිළිවිසීය.

පරිබ්‍රාජකය,
 ඔබ මේ මෑතකදී තක්සලාවෙන් පිටවූ නවක උපාධිදාරියෙක් බව පෙනේ.
පාරදිගේ පේළියට යදිනා යාචකයින්ට කිරි උවමනා නැත. උන්ට ඇවසි කහවනුයයි වදාලේය. හවසට ගොස් මත් පැන් බී දූ කෙලියේ යෙදෙන්නටය.
අප්සැට් පොර උස්සලා පොලවේ ගැසු ගාණට අන්ද මන්ද වී මඤ්ඤන් වී ගියේය. ඔහු  අසන්නට පැමිණි ප්‍රශ්නය සඟවා ගෙනම එහෙනම් සුවාමීනී මට යන්නට අවසරයි කියා වැඳ නමස්කාර කර පල්ලන් බැස යන්නට ගියේය.

පරිබ්‍රාජකයා නොපෙනී යනතුරු සිටි උන්වහන්සේ සැරියුත් හා මුගලන් දෙස බැලුවෝය. උන්වහන්සේ දෙනමම දිවැස් ඥාණය ප්‍රගුණ කර තිබූ බැවින් සිය මුණු  පහත කරගෙන ලා මඳහසක් පානු දුටුවෝය.

'' හොඳයි සැරියුත්ම දෙසන්නකෝ.''

එවර සැරියුත් මහ තෙරුණ් පසුබිම් කථාව දෙසා වදාළේය.

''මේ දැන් නිකම ගිය පරිබ්‍රාජක තෙමේ ලංකා ද්වීපයේ මතුගම ග්‍රාමයෙන් මෙහි පැමිණියෙක්.
 එහි ගොඩ නගන්නට නියමිත අසූඅට රියන් බුදු පිළිමය අරබයා ප්‍රශ්නයක් නගන්නයි ඔහු පැමිණියේ.
ඊට පලමුව සිද්ධාර්ථ ගෞතමයන් කුමන වර්ගයේ කෙනෙකුදැයි මුට්ටියලා දැනගැනීමටයි
ඔහුගේ අභිප්‍රාය වූයේ.
සිද්ධාර්ථ ගෞතමයින්ගේ
අනපේක්ෂිත පිළිතුරෙන් අන්දමන්දවී ලයි ඔහු පිටව ගියේ.''

ඔහු අසන්නට සැරසී පැමිනි ප්‍රශ්නය නම්

සුවාමිනී භාග්‍යවතුන් වහන්ස,

අප වෙසෙන ග්‍රාමයේ වත්පොහොසත් කම් ඇති උන් බොහෝ සිටිත්.
ඔවුහු පුණ්‍ය කර්මයක් සඳහා ගඩොල් සාරා සඞඛ්යිය ලක්ශයක්ද
සිමෙන්ති හා සුණු කොට්ට ලක්ෂයක් බැගින් දානය දීමට සැරසී සිටිත්.
 ශ්‍රම දානයකට සැරසුනු බොහෝ උලු වඩුවෝද සිටිත්.
අප ග්‍රාමයෙහි මේ අරභයා විවාදයක්ද ඇති වී තිබේ.
විවාදය නම්
මේ ගොඩ්නැගිලි ද්‍රව්‍යවලින් ලෝකයේ විශාලම බුදු ප්‍රතිමාව
ගොඩ නැගිය යුතුය යන්න එක් කොටසක් කියන
අතර තව පිරිසක් කියන්නේ
මේවා භාවිතා කොට නිවෙස් අහිමි දුප්පත් අයට නිවෙස් තනා දිය යුතු බවයි.
                                                          *     *      *    *
"සත්තකින්ම් ඉතා හොඳ සාකච්ඡාවක්" සිද්ධාර්ථ ගෞතමයන් වදාලහ.

''මුගලන් ඔබවහන්සේ දෙසන්න ඔහු ඇයි ප්‍රශ්නය නො අසාම යන්න ගියේ කියල''

''ඔව් ඔහු හිතුවා-ඔහු උපකල්පනය කළා,
කලින් ප්‍රශ්නයට ඔබ වහන්සේ දුන්නු පිළිතුර අනුව
මේ ප්‍රශ්නයට ලැබෙන පිළිතුර ඔහුට අපේක්ෂාකරන එක නොවෙයි කියල ''

''ඔව් මුගලන් අර අහිංසක දුප්පත් මිනිසුන්ට ලැබෙන ගෙවල් ටික ලැබෙන එක නැතිවේවි.
අපි රාහුලව යවමු එයාව වහාම කැටුව එන්න.,
තවම වැඩිදුර ගිහිල්ල නෑ.
රාහුල ඔය වැඩවලට කැමතියීනේ.''

''අනෙක ලඟදී තක්සලාවෙන් පිටවූ කෙනෙක් නේ.
තේරුම් මදි,
අට්ටාලේ උඩ වාඩි වෙන්න හනික යන්න ඇති.''
  තව ශ්‍රාවකයෙකු කියනු ඇසින.

Monday, April 18, 2016

පරණ මිතුරියකගේ එෆ් බී පිටුවට හොරෙන් ගියෙමි




මා දැන් සිංහල බ්ලොග් ලෝකයේ අවුරුදු හතරක් පහක් පමණ යම් අත්දැකීමක් ඇති බ්ලොග් කාරයෙකි.  දැනට විවිධ මාතෘකා යටතේ පෝස්ට් 500 කට අධික සංඛ්‍යාවක් පලකරල තියෙනව. කාලීන උවමනාව අනුව දේශපාලනය සම්බන්ධව ලියපුව තමයි වැඩිපුරම තිබෙන්නේ. සමහර රසිකයින් මට පේනව ඔවුන් කැමතියි මගේ අනෙක් පොඩි පොඩි කතා කියවන්න. සමහරුන් කැමතියි බුද්ධාගම ගැන ලියපුව කියවන්න.  ඉතින් මා නැවතත් මගේ සුපුරුදු ස්ටයිල් එකට යන්න කල්පනා කළ. එනම් විවිධ මාතෘකා යටතේත් ලියන්න. ඒ අනුව තමයි අද කෙටි සටහන ලියවෙන්නේ.

                                                               ****

ඇත්තටම අවුරුදු 24කට පසුවය මා ඇයව දැක්කේ. ඒකත් සිදුවූයේ අහම්බයකිනි.  ඇය මට කලින් අධ්‍යාපනයට සමුදී රැකියාවට පිවිසියේ  සෞඛ්ය පරීක්ෂකයෙකු වූ ඇයගේ පියා ශ්‍රී ලනිප දේශපාලනය කල වරදට කොළඹ කරමින් සිටි රැකියාවෙන් යූ එන් පී ආණ්ඩුවෙන් යාපනයට මාරු කලෙන් ඔහුට රැකියාවෙන් අස්වීමට සිදුවූ බැවිනි. දරුවන් හතර දෙනෙකුගේ පවුලේ වැඩිමලා වූ ඇය රැකියාවකට පිවිස පවුලේ වගකීම් කරට ගත්තාය. ඇයගේ දක්ෂකම් හුරුබුහුටිකම් නිසා වසර කීපයක් ඇතුලත ක්ෂේත්‍රයේ ඉහලටම ගියාය. අපට වාහනයක් ගැන සිතීමට පවා නොහැකි යුගයක ඇයට සිය සමාගමෙන් කාරයක් පවා ලැබුනි.

දිගුකතාවකි,
පසුව වැඩිපුර ලියමි
කෙසේ හෝ වේවා ඇය දැන් විවාහ වෙලාය.
ඇයත් බාහිරව එතරම් වෙනස්වී නැත. ඇයත් සතුටිනි.
මට දුකක් නොදැනේ.
නොමග ගිය මල්ලීට තවමත් ඔවදන් දෙනවා මට පෙනේ.
ඒ මල්ලි නිසා පවුල නැත්තටම නැතිවෙන්නට ගියත් තවමත් ඒ ආදරය එසේමය.
මල්ලීගේ පණ්ඩිත කම්ද එසේමය.
ඉදිරි දිනෙක හොරෙන් ඇයගේ එෆ් බී එකට තව වරක් එබී බැලීමට සිතේ.

Thursday, April 14, 2016

යහපාලන ආණ්ඩුව Bye Bye FCID and Welcome ???? අපිට මැදඇඟිල්ල?

උඹලගෙ 
යහපාලන ආණ්ඩුව කොහොමද දැන් 
කියල සමහරු අහනව මගෙන්

මොකද ....අපි කැස්සනේ...
කුලියට නොවෙයි හැබැයි

පැවතුනු ආණ්ඩු කිසිවක් 
අපේ ආණ්ඩු නම් නොවෙයි 
ඒව බලවතුන්ගේ ආණ්ඩු

කෙසේ වෙතත් 
ගිය ආණ්ඩුවට වැඩියෙ 
යහපාලන ආණ්ඩුවේ වෙනස
 මට පේන හැටියට 
මෙන්න මේ වගේ උදාහරනයකින් 
පැහැදිළි කරන්න පුලුවන්. 

පිරිසක් ඉන්න ෆොටෝ එකක් ගැන හිතන්නකෝ
පින්තූරෙ අඩු වැඩි වශයෙන් ඉන්නේ එකම කස්ඨිය. 
හැබැයි පසුබිම වෙනස් කරලයි තියෙන්නේ. 
තිබුනු මඩ පාට වෙනුවට සුදු පසුබිමකයි කස්ඨිය ඉන්නේ. 
ඇඳුම්වල තියෙන ලේ පැල්ලම් මඩ පැල්ලම් හොඳට පේනව.

පසු බිම මඩ පාට නම් කරන්න එපා යහලුවනේ. 
ජෝන්ල වගේ.

කැස්ස අපිට, යන එනමං නැතුව යනවා


Wednesday, April 13, 2016

අලුත් අවුරුද්දයි මායි



ඉස්සර අලුත් අවුරුද්ද එනකම් බලන් ඉන්න ප්‍රධානම දේ ඉස්කෝලේ යන්න ඕන නැති වීම. නිවාඩුවක් ලැබෙන නිසා. අනෙක අලුත් ඇඳුමක් ලැබෙනව. එක් වතාවක් කඩෙන් ඇඳුම් ගන්න මුදල් නැතිව දෝ අම්මා ගෙදර මැසූ කමිසය මා ඇන්දේම නැත. එයින් අම්මා ඉතාමත් කනස්සල්ලට පත්වු බව දැනුනි. අම්මා බොහෝම බැගෑපත්වූවත් මා ඇන්දේම නැත. ඉන්පසුව කවදාවත් අම්මා ගෙදර කමිස මැසීමට වේලාව නාස්ති කලේ නැත.

අලුත් අවුරුද්දට ලැබෙන අනෙක් චෑන්ස් එක තමයි සල්ලි ඔට්ටුවට කැට ගැසීමට හා වෙනත් බෝල සෙල්ලම් කිරීමට අවසර ලැබීමයි. මන්ද බේරෙන්න බැරි ලොකු අයියාද එදිනට බූරුව පොලේ ඉන්න නිසාය. මට බූරුවා පොලේ සූදු කෙලීම සපුරා තහනම්ය. අලුත් අවුරුද්දේ බූරුව පොලද අමුතු එකකි. තෝන් ගන්නවා කියා එකෙක් හැම බූරුවා අතෙන්ම 10%ක් වැනි ප්‍රමානයක් ඩැහැ ගනී.

සමහරෙක් පොලිසිය ඔන්න එනෝ කියමින් බයකරයි, පසුව පොලොසිය නාවොත් ඌට සබ්බුව වදියි. වරක් පොලිසිය පැන අවුරුද්දේ බූරු පොලේ සිටියවුන් කීප දෙනෙකු අල්ලාගෙන පැදුරු ඔලුවේ හිස තබාගෙන පොලෝසියට දක්කාගෙන ගියහ.

මා අකමැතිම දේම නම් හවස් යාමයේ ඇතිවන කෝලාහලය. පරන කෝන්තර ඇදගෙන මරාගන්නට හදයි. ලේ හලාගනී. පහු පහුවන විට එවැනි ගෝරි බෝරි අඩුවන්නට විය.

දැන් හැමදාම බෝන උන අවුරුද්දට වැඩියෙන් බොයි.නෑ ගමන් යනවාද නොදනිමි. කෑම පිඟන් හුවමාරුව සිදුවෙයි.  සුභ පැතුම් හුවමාරුවෙයි. වැඩියෙන්ම ටෙක්ස්ට්වලින්. දුරකතනයෙන්. අවසානයේ අතේ තියෙන තුට්ටු දෙකට කෙලවෙනවා මිස බලාපොරොත්තුවන කිසිම දෙයක් අවුරුද්දෙන් වෙනවාදැයි සැකය.
ව්‍යාපාරිකයෝ නම් මොකක් හෝ සූත්තරයක් දමා වෙළඳාමක් කරගනී.
දේශපාලකයෝ අවස්ථාව බලා ඇණ ගසති.
ඇත්තටම අපි අවුරුදු කන්න දන්නවාද? ම හිතන්නේ දන්නේ නැත. විශ්වවිද්‍යාලයට නැතිනම් උසස් අද්‍යාපනයට එන තම බෝට්ටුවේම සිටින කෙනෙකු මැරෙන කම වදදෙන සමාජයක් බිහිවෙලා නම් මොන අවුරුදු කෑමක්ද? අපිට තිබෙන්නේ අවුරුදු කෑම නවත්වා එවැනි අමානුශික සමාජයක් බිහිවීමේ හේතු සොයාබලන ජාතික දිනයක් ලෙස අවුරුද්ද පාවිච්චි කරන්නටය.

ඒ වගේ ප්‍රස්නයක් දැම්මොත් ළමයෝ වැස්සක් එනවා කියා ලිස්සා යයිද,
එන අවුරුද්දෙ බලමු කියයිද,
පත්තරේ තිබුනද එහෙම එකක් කියා අසයිද?
බලමු අවුරුද්දෙන් පස්සෙ මොකද වෙන්නේ කියල.
 කියපුව බොහෝමයි.
කරපුව බොහෝම ටිකයි.



Monday, April 4, 2016

අද හිටං අලුත් මං - සුද්ද වූ අදේශපාලනික කවියකි

කෙතෙක් කල්
සිටියත් 
අසුව 
නියඟෙට
දරුණු

වැස්සකට 
අසු වූ 
තෘණ පත්
දලුලා 
නිල්ලට හැදෙත්

ඊයේ සිදු වූ
 සියලුම දෑ
අමතක කොට
ජීවිතයකට 
සැරසෙත් අලුතින්ම

මමද 
එවන්
තෘණ පතක්
වෙමි
අද හිටං
----------------
අභාෂය ලැබුනේ සොඳුරු සිතගෙ අන්තිම පෝස්ටුවෙනි, බලාපොරොත්තුව
http://sodurusitha.blogspot.com.au/