Followers

Wednesday, May 25, 2016

මහ නගර සැලසුම්වලට පෙර ජාතික ප්‍රස්නේ විසඳල හිටියනම් හොඳායි! First Things First, Lessons Learnt Forgotten or What?

ජේ ආර් මහත්තේල
චීනෙටත් ඉස්සෙල්ල
77 විවෘත ආර්තිකේ ගෙනාවට
අපේ ගමන අතරමග නැවතුනා
ඒ මොකද
දැන ගියොත් කතරගම
නොදැන ගියොත් අතරමග කියල තියෙනවනේ,..
ජාතික ප්‍රස්නේ විසඳල නොතිබුන එක තමයි හෙනේට හිටියෙ,
මහිතන්නේ එහෙමයි කියල
ඔබතුමන්ලා මොකද හිතන්නේ?
යහපාලන ආණ්ඩුවෙනුත් කියනව දැන් ලොකු ආයෝජන ගේනව කියල,
 පෝට් සිටිය, 
කොරියන් ආයෝජන ..
මගෙ පුංචි මොලේට හීනියට සැකයක් කාන්දු උනා
අපි ජාතික ප්‍රස්නෙ විසඳලද 
ලොකු ලොකු වැඩවලට අතගහන්නේ?
එදාට වඩා අද තත්වේ වෙනස්ද?
අපි කථාකරමු!
චීනේ අපිට පස්සෙ ඇවිල්ල ඇමරිකාවත් සල්ලිවලට ගන්න තරම් සල්ලි චීන ලඟ

_€€€€€€€€€€€€€€€€€€
Added later.

ඉකොනොමැට්ටා EconomattaMay 25, 2016 at 9:33 AM

ඉක්ටා ගැන කතා කරන විට බොහෝ දෙනෙකු සිතන්නේ මෙය දේශපාලනික දෙයක් බවයි. ගිවිසුම ඉක්ටාද, සීපාද නැත්නම් වෙනත් එකක්ද යන්නත්, ක්‍රියාත්මක කරන්නේ රනිල්ද, මහින්දද නැත්නම් ජවිපෙ වැනි වෙනත් පක්ෂයක් විසින්ද යන්නත් එතරම් වැදගත් නැත. ලංකාවේ ආර්ථිකයට ඊළඟ අදියරට පා තැබීමට අවශ්‍යනම් හැකි ඉක්මණින් සේවා අංශය තරඟකාරිත්වයට නිරාවරණය කළ යුතුය. ලංකාවට ලෝකයට විවෘත විය හැකි කවුළුව ඇත්තේ ඉන්දියාව හරහා බැවින් ඉන්දියාවට විවෘත වීම ලෝකයට විවෘත වීමට හොඳ ප්‍රවේශයකි. කෙටියෙන් කියනවානම් 'ඉන්දියාව විසින් ලංකාව ගිල ගැනීමට පෙර ලංකාව විසින් ඉන්දියාව ආක්‍රමණය කළ යුතුය'. ලංකාවට මෙය කිරීමේ හැකියාව තවමත් තිබේ. එහෙත්, ඒ තත්ත්වය වැඩි කලක් නොපවතිනු ඇති අතර මේ අවස්ථාවේ ඉක්මන් නොවුණොත් අග්නිදිග ආසියානු කෝච්චිය මිස් කරගත් ලංකාවට ඉන්දියානු කෝච්චියද මිස් වනු ඇත. කෙසේ වුවද, එසේ කිරීමට පෙර හෝ එසේ කරන අතර කළ යුතු වෙනත් 'හෝම් වර්ක්' කිහිපයක් තිබේ. පෙර ගිවිසුම් වලින් ලංකාවට වාසියක් ගැනීමට නොහැකි වුණේ මේ 'හෝම් වර්ක්' හරියට නොකළ නිසාය. මේ දේවල් මට ඉඩ ලැබෙන පරිදි කරුණු සහිතව විස්තර කිරීමට පුළුවන. කෙසේවුවද, පවතින දේශපාලන වාතාවරණය හැත්තෑ හතේ තත්ත්වයට වඩා බොහෝ වෙනස්ය. රටේ බහුතර ජනතාවගේ කැමැත්ත නැතිව ප්‍රතිසංස්කරණ කරන්නට යාමෙන් නැති ප්‍රශ්න ඇති විය හැකිය. ඒ නිසා යන ගමනක් යා යුත්තේ රටේ ජනතාව සමඟය.

Wednesday, May 18, 2016

සොඳුර මට අණදෙන්න අණදෙන්න -මානසිකව වැටිල ඉන්නකොට ඔබ අහන ගීතය කුමක්ද




ඉස්සර ....කිව්ව ගමන්ම ආයි මානසිකව වැටෙනව ඇයි ඉතින් අතීතකාමයද නොස්ටැල්ජියාවද මොකද්ද කියල  මඩගහනවනේ. ඇත්තටම එය මඩකට වැඩියෙ ලෙඩක්. ලෙඩක් හඳුනගන්න ඩයග්නොස්ටික් ටූල්  එකක්. 

ඉතින් වැටුනු මානසිකත්වය ඉහත ගීතයට කන්දීල නැවතත් පුබුදුවල අරගෙන පිබිදුනු මනසින් යුතුව නැවත ලියන්නට පටන්ගත්තා.
සංගීතයට හැකියාවන් රැසක් තිබෙනව. 
පාලුව මකන්න, 
ශරීරය හා මනස පුබුදුවන්න, 
රෝග නිවාරණය කරන්න, 
සතුට දනවන්න,
 දුක දනවන්න.
අපිව නටවන්න,
 නයි නටවන්න ආදී වශයෙන්
 තවත් හැකියාවන් බොහෝඇති.
සමහරුන්ට කන්න ඕනත් නෑ සංගීතේ තියෙනවනම්, 
එතකොට එය ආහාරයකුත් වෙනව.
සමහරවිට බ්‍රා ගැලවෙනව. ඒ වගේම පුරුෂ පක්ෂයේ සස්පෙන්ඩරුත් ගැලවෙනතරමට පීඩනයන් එල්ලවෙනව ඇති. (වෙලෝනා නිසාම හොඳයි.)
අද මේ පෝස්ටුවේ දේශපාලනය ගාවගන්න හිතුවෙම නෑ.  

ඇත්තටම මට දැනගන්න ඕන උනේ ඔබ මානසිකව වැටුනහම මොනවගේ ගීතවලටද ඔබ සවන්දෙන්නේ කියල.
වැඩක් කරන්න වැඩට යන්න කම්මැලි උනහම මම නිතරම අහන නැත්නම් ඇහෙන ගීතය තමයි සොඳුර මට අණදෙන්න අණදෙන්න..


Tuesday, May 3, 2016

ජාතිවාදයේ පාඩම්, මේවා ගුටි කාල ඉගෙන ගත්ත ඒව. Lessons learnt hard way!



මා ජීවිතේටම කම්මුල් පාරක් කා තිබෙන්නේ එක වරකි.
මා එයට දොස් කියන්නේ එකල,
එනම් චිත්‍රකථා පත්තර කරළියට ඒමට පෙර තිබුනු
චිත්‍ර කථා පොත් කියවීමේ පුරුද්දටය.
ඊටත් වඩා ''ලන්දේසි හටන'' ටය.
එකල එය මාර පිස්සුවක් විය.
මට වෙනත් කථා වල නම් මතක නැත.
මෙය මතක හිටියේ මට වැදුනු කම්මුල් පාර නිසාය.

එක පලාතේ ජීවත් වූ,
මට පහරදුන් ඩෙන්වර්
මට හමුවූයේ අවුරුදු 20කට පමන පසුවය.
පුංචි බොරැල්ලේ ඉස්පිරිතාලෙකදීය.
 මෑන්ස් එක පාරටම ඇසුවේ උඹ කොහොමද බං දයාල් උස ගියේ කියල.
මං කොච්චර මිටි වුවත් ඩෙනාට වඩා චුට්ටක් උසය.

ඩෙනාලා ඇතුලු පවුල් කීපයක් අප සිටින පලාතේ ජීවත් වූහ.
අද පමනක් ජීවත් වන හෙටක් ගැන නොසිතන පිරිසක් ලෙස ඔවුන් ප්‍රසිද්ධය.
 ස්කූටර්, හොඳ මියුසික් සෙට් අප්, පාටි, වල රසය ලැබුනේ ඒ ගෙවල්වලිනි.
 ඒ කොල්ලෝ සෙට් එක ක්‍රීඩාවට ලැදිය.
පාරේ විකට් සිටුවා කරන ක්‍රිකට් ක්‍රීඩාවෙන් අහල පහල අයට
යම් කරදරයක් වුවත් එච්චරම ගානක් කාටත් නැත.

මා මේ කියන දිනවල පිස්සුවෙන් මෙන්
 ලන්දේසි හටන කියවන කාලයයි.
ලංදේසීන් ගැන මා තුල වෛරයක්ද
දේශ වාත්ශල්‍යයෙන් ඔද වැඩී තිබුනු සමයයි.
 ඒත් මේ ලන්දේසීන් යනු කවරහුද?
මා පහ හය පන්තියේ උගනිමින් සිටි කාලය විය යුතුය.

දිනක් අපි පාරේ සෙල්ලම් කරමින් සිටිනා අතර
මගේ ඉවසුම් රහිත කුතුහලයෙන් මඩනා ලද සිතැතිව
හා වෛරය දේශවාත්ශල්‍ය ප්‍රදර්ශනය කිරීමට සිතා
ඩෙනාගෙන් මෙසේ ඇසීමි.

ඒ උඹලද ලන්දේසි කියන්නේ.?

"පටාර්"

මේ සිදුවීම සිදුවී දැන් අවුරුදු 40ක් වත් ගතවී ඇත.
ඒ පාර තවම රිදුම් දෙයි.

ඩෙන්වර්, ට්‍රෙවෝ හා ජෙරොම් ඇතුලු පවුල් සෙට් එක
 තැන් තැන විසිර ගොස් පසුව ඔස්ට්‍රේලියාවට ගියා යයි කියවුනි.
තවම මම උන් සොයමි.
ඒ වැඩියක්ම ඩෙනාට වඩා උගේ නංගී නිසාය.
මට ආදර ලියුමක් ලියූ මෙලොව සිටින එකම කෙල්ල ඒකි බැවිනි.


https://nalakagunawardene.com/tag/%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92-%E0%B7%84%E0%B6%A7%E0%B6%B1/

https://kolambagamaya.blogspot.com.au/2015/10/blog-post_29.html

http://www.silumina.lk/2011/09/25/_art.asp?fn=av1109255