Followers

Wednesday, June 29, 2016

අර්ජුන් මහේන්ද්‍රන් සුභ ගමන්!- Bye Bye Arjun Mahendran

සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හා පුරවැසි බලය ප්‍රමුඛව වෙනත් සංවිධානද එකතුව පසුගියදා කොළඹ මහජන පුස්තකාල ශාලාවේ පැවති රැස්වීම යහපාලනය වෙනුවෙන් වචනයක් හෝ කථාකළ ඕනෑම කෙනෙකුට ආස්වාදයක් වේ යයි සිතමි.

එසේම එවන් ජනතා පීඩනයක් අත්‍යවශ්‍ය‍යම අවධියකයි රජය තිබෙන්නේ. යහපාලනය වෙනුවෙන් පෙනී සිටි අලුත් පරපුරට හා එයට කිට්ටුවෙන් සිටි කලාකරුවෙක් දෙන්නෙක් පවත්නා රජය පිළිබඳව සිය ජුගුප්සාව හා කලකිරීම ප්‍රකාශ කර තිබෙනවා. හමුවෙන හමුවෙන හැම කෙනෙකුම අත ඇති කොලවලට අත්සන් කොට මාව විශ්වාස කරන්න යයි මෛත්‍රී කියූ බව අපට හොඳට මතකයි. ඉතින් සමහරුන් මෙසේ ඉච්ඡා භංගත්වයට පත්වීම පුදුමයක් නොවේ.

ජවිපෙද, සම්පන්දන් ඇතුලු විපක්ශයද මා සලකන්නේ යහපාලනයේ ස්තිර තැන්පතු වශයෙනි. ජවිපෙ ආණ්ඩුවිරෝදය ඉතාම හොඳට කලමණාකරනය කරනවා. තියුණු විවේචන එල්ලකරනවා, හඳුන්නෙත්ති කෝප් එක හරහාද, සම්පන්දන් සිය සරල ජීවිත පැවත්ම හා ගනන් බලා කරන විවේචන හා ක්‍රියාකාරකම් හරහා රජයට විශාල සවියක් වගේම සිය මාර්ගය නිවැරදි කර ගැනීමට වේවැලක් වනවා.

ඒකාබද්ධ විපක්ශය දැලකට කොටුවී ඇති පක්ශීන් රාශියක් මෙන් සද්ද නගන තැනක් බවට පත්වෙමින් යයි. ඒත් වැට් බද්දට එරෙහි හර්තාල් නැතිනම් කඩ වැසීමේ ව්‍යාපෘතිය සිදු උනේ කෙසේ දැයි සොයාබලන්ට වටී.

ඇමතිවරුන්ට වාහන ගැනීම ලේසියෙන් කිරීමට, අර්ජුන් මහේන්ද්‍රන් හුරතල්කිරීමට ජනතාව ඉඩ දුන්නේ නැත. තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත් රජයේ ආයතනවල වගවීමේ වගකීම තීව්‍ර කරනු ඇත. බදු අයකිරීම හා පැහැර හැරීමට ක්‍රියාමාර්ග ගැනීම විදිමත් කිරීම සඳහා ක්‍රියා මාර්ග ගනිමින් තිබේ. පොරොන්දු වූ පරිදි විධායක ජනපති ධූරය අහෝසි කිරීමේ පොරොන්දුව ඉෂ්ඨ කිරීම මෛත්‍රී කළ යුතුව ඇත.



කටුනායක ගුවන් තොටුපලේ සී සී ටී වී සවිකිරීමට එදිරිව යම් නිලධාරීන් කොට්ටාශයක් ගෙනගියේ ඉන්තේරුවෙන්ම පරදින සටනකි. සයිටම් එකත් ගෙනයන්නේ එස් බී ගේ බූරු හයියත් රැගෙන කරන සටනක් බව පෙනේ. ජවිපෙ පා ම බිමල් ර ප්‍රකාශ කළ කරුනු අනුව එය පරදින්නට නියමිත සටනකි. රාගම පී එම් සී මෙන් ජනතාවගේ ඇඟට කඩා නොවැටෙන සේ මේ ගැටලුවට විසඳුම සෙවිය යුතුය. සයිටම් සිස්යෝ ලස්ස සීයක් ගෙවා ඇත. සමහරුන් උ පෙ වැඩ දෙකක් වත් සමත් නැත. මේ විකාරයට තිත තිබිය යුතුව ඇත. මුදල්ගෙවා ඉගෙන ගන්න කැමති අයට පැහැදිළි ක්‍රමවේදයක් සකස් කල යුතුව ඇත.

ඉහත සඳහන් පුරවැසි බලයේ රැස්වීමෙන් පසුව ආන්ඩුව රත්වී ඇති බව පෙන්වන ක්‍රියාකාරකම් රාශියක් පසුගිය දිනවල එෆ් සී සී අයි ඩිය හා අධිකරණය හරහා සිදුවිය.

පොඩි පොඩි හොරු බොරුවට ඇතුලට ගත්තත්
අර්ජුන් මහේන්ද්‍රන්ගේ කාලය දීර්ඝ නොකලත්
ඇමතිලාගේ කාර් පර්මිට් තාවකාලිකව අකුලා ගත්තත්
ඇවන්ට් ගාර්ඩ් කැප්ටන්ව හිරබාරෙට ගත්තත්
බදූර්දීන්ගේ වනසංහාරය යටගියත්
ජෝන්ගේ පාරවල් කඩන  පිස්සු වැඩ යටගියත්
ආණ්ඩුවේ අති මහත් නොසැලකිල්ල නිසා සිදු වූ සාලාව විනාශයට යම් පිලියම් දුන්නත්
ගංවතුර බැස ගිහින් ම්නිසුන්ගේ අඳෝනාව මාධ්යයෙන් වසන් වුවත්
අගමැති ජනපති සරල කස්ටිය වූවත්
සැබෑ ප්‍රශ්නයේ ස්වභාවය එළියට එන්නේ
තලතා අතුකෝරල තුලිනි.
මැදපෙරෙදිග යාමට හැකි ස්ත්‍රීන්ගේ වයස සීමාව අඩුකිරීමට ගත් තීරනය.

පුරවැසි බලයට මෙන්ම සමාජ ජාලා මාධ්‍යට සවන් දෙන පාලකයින් පිරිසක් සිටීම වාසනාවකි.
එය කොයි කලකටද කියා තීරනය වන්නේ එල්ල කරන පීඩනය කොතරම් යථාර්ථවාදීද කියන එක මතය.

Monday, June 6, 2016

සිවුර දාගන්නා දුප්පත් දරුවන්ට දෙසරණේ පිහිටයි! ආජා ආජා හරේ රාමා හරේ ක්‍රීස්නා



දැන් විශ්ව විද්‍යාලවල අමනුස්ස නවකවදවලට එරෙහිව
නවකයින් සිය අයිතිවාසිකම් ගැන හිතලා 
නීත්‍යනුකූල පියවර ගන්න යොමුවෙලා
සමාජ ජාලාවලින් ගෙන ගිය නවකවද විරෝදයත් 
එයට හේතු වෙන්න ඇති. 
එය හොඳ තත්වයක් විදියටයි මා නම් දකින්නේ.

අයිස් කන්දක ජලය මතුපිට කොටස මෙන් 
ඉඳහිට එළියට එන 
පන්සල් හිංසන ගැනත් ඇසෙන්න පටන් අරගෙන
විශ්ව විද්‍යාලවලට එන අසරණ දුප්පත් ස්ත්‍රීන් 
වදහිංසාවලට ලක්වෙනවා මෙන්ම 
පන්සල්වලද දුප්පත්කමට 
මහණවෙන දරුවන්ට නොකියා බැරිම තැන මිසක් 
වෙන දේ එළියට එන්නේ නැත
දුප්පත්කමෙන් ගැලවීමට
සිවුර දාගන්නා දරුවන්ට දුප්පත් දරුවන්ට 
දෙසරණේ සරණයි
කියල තමයි දැන් දැන් කියන්න වෙන්නේ!

තාම නොවිසඳුනු ප්‍රස්න කීපයක් ඇත
කාමයෙහි වරදවා හැසිරීම යන සිල්පදය 
සමාදන්වන්නන්ගෙන් හරියටම අපේක්ෂාකරන්නේ මොනවාද?
බාලවයස්කාර සාමණේරවරුන්ට 
ඔවුන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත්කිරීමක් 
විනය පිටකයේ නැද්ද?

සමහර කට කැඩිච්ච එවුන් කියන්නේ 
කාමයෙහි වරදවා හැසිරීම යනු 
හරි මාර්ගය තියෙද්දි වැරදි මාර්ගය යෑමයි කියල.
ඒවගේම අනෙක් පසින් සිදුහත් ගෞතමයන් රාත්‍රී ආහාරයෙන් 
වැලකීම ආදී විනයන් පැනවූයේ 
උන්වහන්සේ පිරිමින්ගේ හැටි හොඳ හැටි දන්නා නිසාය, 
රජබොජුන් අතහැර පිණ්ඩපාතයෙන් අහර
සොයාගත්තේ ඒවා හොඳින් තමන් ප්‍රත්‍යක්ශයෙන් දන්නා නිසාය.

ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන්වීමට හේතුවූ මේ කරුණු ගැන 
පන්සල් ලොක්කෝ සුදුසු ක්‍රියාමාර්ගයන් වහාම නොගතහොත් .....

දැනට බුදුදහමයි කියල කෙරෙන දේවලුත් බලනකොට..

නූල් බඳිනව
වැඩි දෙනාමෙලෝ තේරුමක් නොදත් පාලි ගාථා උදේ හවා ජපකරණව
සුද්දවූ ජලය පොවනව
සොලෝක කියනව
වේලාවල් බලනව
මරු සිටින දිශාව
රාහු කාලය බලනව
තව එකයි අඩු?
තව එකම එකයි අඩු?
තැන තැන අසපු හදාගෙන සාදුවරුත් පහල වෙලා
තව එකම එකයි අඩු?

පන්සල් ලොක්කෝ- රටේ ලොක්කෝමේ ඔක්කොම එකතුවෙලා
ගෙනියන ජීවන පිළිවෙත් විලාසිතාවන් වලින් කියන්නේ ඔවුන් පින්පව් විස්වාස නොකරන බවය.
ඉතින් වැඩි කල් නොයාමා
හරේ රාමා හරේ ක්‍රීස්නා
ආජා! ආජා !
තව එකම එකයි අඩු?