Followers

Monday, September 26, 2016

ටොයියන් ලවාම ටොයින්ට බැස්ටිය දීමද අලුත්ම ගේම් එක?


අලුත්ම කට උලුක්වෙන ටයිටල් කියවමින් හොඳම ශ්‍රී ලාංකිකකයා තේරීමේ අද දෙරන රූපවාහිනි ශෝ එකේ සාධණීය ලක්ෂන නැතුවා නොවේ. අප සාමාන්‍යයෙන් අවධාරනය නොකරන පැතිවල සිට ජනයාගේ ජීවන තත්වය උසස් කරලීමට සිය කාලය ශ්‍රමය කැප කරන උසස් මිනිසුන් කරන කියන දේ අගය කරලීමට ඇරඹීමම සාධණීය කරුනකි.  සංගාට හා ප්‍රසිද්ධ අයට මෙය ලැබීම පුදුමයක් නොවන අතර දේශපාලකයින් නොමැතිවීම සතුටට මෙන්ම භීතියටද කරුනකි. විසික්ක වෙච්ච අය එහෙන් මෙහෙන් පෙන්වීම ටිකක් සැකයට හේතුවකි.
පසුගිය මැතිවරණයෙන් පනගැසුණු ජාතිකවාදයට වඩා තම රටට ආදරය කරන ගතියේ වාසිය මේ රූපවාහිනි නාලිකාව අරගෙනදැයිද සිතුනා. කෙසේ හෝ මේ ආකල්ප, ජාතිවාදය හා මිතුරු, ලඟම ගනුදෙනුකරුවන් බව අපි දනිමු. 

විගා උතුරේ කරන්නේ  වෙන් කරන මුදල්වත් ජනයාගේ යහපත් වෙනුවෙන් යෙදවීම නොව ජාතිවාදය ඇවිස්සීම බව පෙනේ. දෙමල සිහල සමගිය ඇතිවිය යුත්තේ තමන් කැමති- එනම් ජාතිභේදය අවුස්සන  දකුණේ පාලනයක් යටතේ පමණය යන්න ඔවුන්ගේ දර්සනය බව පෙනේ. දෙරනේ  විශිෂ්ටයින්ගේ සංගීතය යටින් දිවෙන හීන් නූල මෙයදැයි අවධානයෙන් සිටිය යුතු වෙමු. බයියන්ගේ අමුම අමු ජාතිවාදය දැන් අමු වැඩිය. එහෙම බැරි නම් මෙහෙම යමු කියා සිතා
 අලුත් පාරක යන්න සිතාගෙන වගේ.

එමෙන්ම මගේ ඉරිසියාකාර කුහක හිතට විස සහිත හිතිවිලිත් ආවා, 
එනම් ඇති හැකි,
ඉංග්‍රීසිය වහරන අයට එන්න එන්න යයි 
ආමන්ත්‍රනය කරන අතර 
බැරි බැරි අය 
රටෙන් එපිටටම තල්ලු කරන අතර 
මැද පෙරදිගට හෝ 
කොයි දීපංකරේක හෝ 
ගොස් සල්ලි හොයාගෙන විත් 
ටී වී එකක් අරගෙන අප කරන කියන දේ බලපල්ලා.


Sunday, September 25, 2016

සිංගාලයකු නොවේ සිංහයෙකුයි අපේ සංගා-Best cricketer of the world and ROLE MODEL- SRI LANKAN OF THE YEAR!

මෙය ලීවේ 2011 ජූලි 26

ආදරණීය සංඝා, මහේල ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයන්, cricket and politics


ඉස්සර ඔසියෝ ලංකාවට එන විට බය ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ය.

දැන් ඔසියෝ ලංකාවට එන්නේ බයෙනි.

එය ලාංකීය ක්‍රීඩකයින්ගේ දක්ශතාවය, නිවැරදි නායකත්වය නිසා සිදු වූවකි.

එමෙන්ම ඉතිහාසයේ සරදමයි, අටලෝ දහමයි.

ඔස්ට්‍රෙලියානුවන් සමග පැවැත්වීමට නියමිත තරඟ වලින් ඉහලම ජය පතමු.

මෙවර මයිකල් ක්ලාර්ක් එන්නේ පොන්ටින් එකල හිටිය උද්දාමයෙන් නොවේ.

 බල බිඳුනු නායකයෙකු නැත්නම් ගඩාෆි වගේ කෙනෙකු  ලෙසය.

 එය ඊයේ පෙරේදා ඔසී පුවත් පත්වල තිබුනු දේවල් වලින් එය හැඟී යයි.

ඔහුට කන්ඩායමේ සම්පූර්න සහයෝගය අඩුය.

politics වලට පොඩි square cut පහරක් 
සංඝා, මහේල ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයින් දැනුවත්ව හෝ නොදැනුවත්ව 
දුශ්කර කාලයේ ලංකාවේ ජාත්යන්තර ප්‍රතිරූපය වර්ධනය 
කිරීමට උරදුන්නෝ වෙත්. එහි ප්‍රතිපලයක් වශයෙන් සංඝා මුරලි, මහේල 
ඇතුලු සැමගේ ප්‍රතිරූපයද, සිවිල් බලයද, බැංකු ගිනුමද ලංකාව තුල 
ගොඩනැගුන බව රහසක් නොවේ.
සංගා ඇතුලු අපේ ක්‍රිකට් ක්‍රීඩක තරු යන එන කරන කියන දෑ පුවත් 
පත්වල හෙඩ් ලයින් යන තත්වයක් ඇතිවී ඇත.
ලෝඩ්ස් හිදී මැතකදී කරන ලද කතාව නිසා  ඔවුන් කියනා දේවලට නව 
අගයක් ලැබෙමින් ඇත.
ඔවුන් මතක තබා ගත යුතු වඩාම වටිනා දෙය නම් තරුන ජනයාත් පොදු 
ජනයාත් පරමාදර්ශි චරිත ලෙස role models, ඔවුන් දෙස බලා සිටින බවය. 
ඒ වගේම මාධ්ය දෙපත් නයෙක් බවය, නයා බෝඩ් එකක් බවය,
මේ මාධ්ය වල අවසාන අයිතිය ඇත්තේ දේශපාලන පක්ශවල 
නායකයන් අත බවය.
ලේක් හවුස්, රූපාවාහිනි- ආන්ඩුවේ
ඩේලි මිරර්, ලංකාදීප- රනිල් වික්‍රමසිංහ
ලක්බිම,-තිලංග සුමතිපාල සහ පවුල
දිවයින- දැන් අයිතිය ආන්ඩුවේ ඇමැති කෙනෙක්
බලය ඇත්තෝ අත්දැකීම් අඩු, ජනප්‍රිය, තරුණ, පුද්ගලයින් තම වසඟයට 
ගෙන නයා බෝඩ් එකේ නයා කිට්ටුවට යන්නට හරිති.
සනත්ටද අර්ජුනටද පබාටද මෝරපු සරත් ෆොන්සේකාටද එය පොදුය. 
අවසානයේ තරවූ බැංකු ගිනුම රැකගන්නට,
 පත්වෙන ආණ්ඩු, 
පාන්ඩු වූවත් උප්පරවැට්ටි දමමින්, පිනුම් ගසමින්
පවතින පාණ්ඩුවේ ලගින්නම සිදුවන්නේය.
ජාතියක් ලෙස ආඩම්බරයෙන් කෙලින්(ඍජුව) සිටින්නට, කෙලින්(ඍජු) 
මිනිස්සු අවශ්ය කාලයයි මේ, 
අවස්තාවාදීන්ට බිලිබාගන්නට ඉඩ නොතබමු.



බ්ලොග් එකට කොමෙන්ට් එකක් විදියට දැමූ කවියත් බලන්න.

සංගා කිව්වේ සිය හිත්පතුලේ දෑ      නොසංගා
අංගා සැම සපිරිය සිත්වල සොම්නස      නංගා
සංගායනාවකි ක්‍රීඩාවට හොරු කරලයි    බංගා
සිංගාලයෙකු නොවෙ සිංහයෙකුය අපෙ  සංගා

පොඩි අවවාදයක් දෙනු රිසිවෙමි  දෑ  අබිමානෙන්
ලංකාවේ බැරි කතා පිට රටදී වුව   පරෙස්සමෙන්
කැකුන තලනවිට කාටද ජොලි නුඹ      දැනගන්
සූකර සුද්දන් කොටවා අප වාසිය ගනීද    බලප
න්

Tuesday, September 13, 2016

සමහර බණ පරදයි භූත විද්‍යා දේශන



'සමහර බණ
පරදයි භූත විද්‍යා දේශන
අප වඳින පුදන
බුදු මග යන පැවිදිජන
පුදුමයි
දහමකට රටකට ගිය කල'

බුදුදහම වෙනත් මිථ්‍යාදෘෂ්ටීන් අතරින්
පෙරා පිරිපහදු කරගත්තේ නැවත එහි යන්නට නොවේ.
හැම ලාංකිකයින් 5 දෙනෙකුගෙන්ම කෙනෙකු බරපතල රෝගියෙකි.
අම්මලා නැති ගෙවල් ලස්ස ගණනකි.
ප්‍රශ්නවලට මුහුණ දුන් අය සිතන්නේ
මේවා වෙන්නේ භූත බලවේග, කරුමේ නිසා කියායි.

ලෝකයට ඇරෙන දොරටු වසා කූඩුකරගෙන සිටින ජනයාට
භූතයින් සමග සටන් කරනවා ඇර වෙන මගක් නැත.
නව රජය විසින් ඒ කූඩුවේ දොරටු විවර කරමින් සිටිනවා.
ඒ සමගම
අධ්යාපනයේත්
සෞඛ්‍යයේත්
කලාවේත්
නව දොරටු විවෘත කරගෙන යා යුතුයි.

ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන
 කලාව පැත්තෙන් සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටිනවා,
අහන්නත් සතුටුයි.

Monday, September 5, 2016

කැ .. පො... කේ පී fu...g, puf..තා, ඇනෝ කොමෙන්ට් මකනු ලැබේ.

https://www.facebook.com/awiswasakarannaa/videos/504112649766526/


සිංහල බ්ලොගර්වරුන්ට ජනයා තුල යම් ගරුත්වයක් ඇතිබව නම් නොකියාම බැරිය. 
මාතෘකාවයි අන්තර්ගතයයි පරස්පරයි හොඳ නැතැයි පැමිණිල්ලක් එන්නට පුලුවන්. ඒකට කමත්වා.

-------
බ්ලොග් ලියන්න ඇවිල්ල අසරණ අම්මටත් බැනුම් අස්සවන්න බෑ බං
ඒත් මේ බ්ලොග් කට්ටට මොනවත් ඉඳල හිටල නොලියත් බෑ බං
පී හෙවත් පො වැඩ අපිට කරල පුරුදුත් නෑ බං
බ්ලොග් ලියා ලී කෑලි යකඩ කෑලි, බෝතල්,
ලොකු අය සමග ෆොටෝ ගැනීමට හෝ වෙනත් දේ තෑගි ගැනීමට, එ අස්සෙන් මගේ පොතක් හෝ සී ඩී එකක් එලි දක්වා ගැනීමට, ඊලඟ ආණ්ඩුවේ ලොක්කෙක් වීමට බලාපොරොත්තුවක් නෑ බං

මං තීරණය කොලා මින් ඉදිරියට එක xxx... වත් වට්ටක්කයෙකුටත්
ඉඩ දෙන්නේ නෑ මේ බ්ලොග් එකේ ඇනෝ කොමෙන්ට් දාන්න කියල හිටං

ඒ පාර එකෙක් කියයි සයියෝ උඹ අරූට බයයි නේ කියල කියල හිටං
බයක් නැතිවුනත් පොඩි රෙස්පෙට් එකක් නෑයි කියනව නම්ඒ ක බොරු!

මොනා කරන්නද මන්ද?
ඇනොලාට ඉඩ දුන්නොත් ඇනෝ වේශයෙන් ඇවිල්ල අම්මටත් බනිනනව
ඇනෝලව කැපුවොත් උන් තරහවෙලා මෙතන එක ගිනි විජ්ජුම්බරයයි.
සයියෝ ඉල්ලල ගත්ත ප්‍රස්න.??
මගේ අක්මාවට මේ තරම්ම ඉවසන්න පුලුවන් වේවිද සැකයි, බං?

දැනුමැත්තන් සිය දැනුම අන් අය සමග බෙදාගන්නා විට සිය ශීර්ෂයන් ඉදිමුවා ගෙන අය පහත් කොට සැලකීමත් පසුගිය කාලයේ නැට්ට්වල් පශ්චාත්භාගයේ සඟවා සිට දැන් ඇවිත් පාට් දැමීම පෙරගමන් කරුවන්ගේ අවමානයට පාත්‍රවීම වැලක්විය නොහැකි බවත් මගේ තේරුමයි.

ඔහොම යං ඔහෝම යං
අපිත් කෝම කෝම හරි ඉන්නන්
ඕගොල්ලොත් ඉන්න
විවිධත්වයේ එකමුතුව අමාරුයි, ඒත් ලස්සනයි
හිත් රිදීම් ඇතිවෙනව,
කාලයත් සමග සුව වෙනව

ඔහොම යං ඔහෝම යං බං

අමාරුවෙන් හදා ගත්ත ගෙපැල දාල වෙන කොහෙ යන්නද? බං

ගල් කන්දේ හාමුදුරුවෝ කිව්ව වගේ
යුද්ධයේ
වියරුව
කෲරත්වය
නොදකින
නොදුටු
එහි වියරුවෙන් මොලේ විකල් නොවූ
පරම්පරාවක් හැදෙනකම්
ලාංකික විකෘති සංස්කෘතියේ අභාෂය
නැතිවනු තුරු
පිරිසිදු ජලය වත්කරමින්
ඉවසීමෙන් ගමන් කල යුතුවෙමු

--------------
ඇනෝ කොමෙන්ට් මකනු ලැබේ.

Saturday, September 3, 2016

ඇනෝනිමස් රණ්ඩුව Anonymous Tantrums, පුරු- තග්- ජන ,තග්- ජන, පොර -තග් -ජන





බ්ලොග් මා නිතරම නොලිව්වත් නිතරම කියවනවා. මෙය අප හැමදෙනා විසින් ගොඩනගාගත් කාටත් යට නොවන පුරවැසි වේදිකාවයි. එය රැක ගත යුතුයි. දියුණු කර ගත යුතුයි. ඔය ලී කෑලි යකඩ කෑලිවලින් බෙදීමට ලක් කල නොහැකි ලෙස ශක්තිමත් විය යුතුයි. යහපාලනය කරා හැකි තරමින් තල්ලු කිරීමට ඉතාම හොඳින් යොදාගත හැකි මාධ්‍යයක් නිසා ඒ ගැනත් අවධානය අඩුනොකල යුතුයි.

අන්තිමට කියූ දෙය  අත්දුටුයි විශ්වාසයි.

අප විශාල බලාපොරොත්තු නැතිව වුවත් දින වූ හංසයාගේ ඇඟේ මඩ ගා තටු කපා නන්නත්තාර කර ඇති තත්වයක බ්ලොග්කරුවන් අතරම ප්‍රශ්න ඇති වීම ඉච්ඡා භංගත්වය නිසා ඇතිවූවක් බව මම විශවාස කරමි.

ඇනෝනිමස් කොමෙන්ටු ගැන මාතලන් ක්‍රෝධාවේශයෙන් ලියූ දෑ  කියෙව්වා. ඒ පිළිබඳව මගේ අදහස නම් ඇනෝනිමස් කොමෙන්ටුවලට ඉඩ තබා තියේ නම් හොඳ නරක දෙකම ඉවසීමට හැකි විය යුතුයි කියලයි. තරඟය ඉරිසියාව සාමාන්‍යය දෙයකි මන්ද අපි පෘතග්ජනයින් වෙමු. ඒත් තග් ජනයින් බවට පත්නොවෙමු. අර මොකද්ද එක සඟවාගෙන මොකද්ද එකෙන් කෙලින අය නොවෙමු.

ජනවාරී 8 විප්ලවයේ ස්තිර තැන්පතු නන්නත්තාර නොවීමේ වගකීම බ්ලොග්කරුවන්ටත් පැවරේ.
හොරය බොරුවට වෙනත් සලුවක් පෙරවලාද?
සයිටම් එක්ටා ආදී රට ඉදිරියට දමා ඇති මස්කටුවලින් අප දේශය සැබෑ ලෙසම ඔත්පල වී ඇති ප්‍රශ්න යටකර දමා ඇද්ද? පාද යාත්‍රා සයිටම් විරෝධයන් මේ ආණ්ඩුවට ප්‍රශ්න කල් දැමීමට හේතු සපයා දීලා වගේ නේද?

බලන්න, යට ගසන අවුරුදු 6ක තට්ටු මාරුවේ ප්‍රතිපල

යුද්ධ හා කැරලි කෝලාහලවලින් මැරුනු සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි
විදේශවල වැඩකරන ජනයාගෙන් අම්මලා ලක්ෂ දහයක් ඉක්මවයි
රජයේ සේවකයින් දාහතර ලක්ෂයකි
ලංකාවේ පස් දෙනෙකුගෙන් කෙනෙක් රෝගියකි
ත්‍රී වීල් සංඛයාව අට ලක්ෂයකි
ආයතනවල පුරප්පාඩු 150000කි
ලංකාවේ කෙනෙකුගේ සාමාන්‍ය මාසික වේතනය රු 28000
මැද පෙරදිග යන කතකගේ සාමාන්‍යය මාසික පඩිය 40000
ලෝකයේ   ඉහලම
ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය ලංකාවෙන්
ලෝකයේ අන්තර්ජාලයෙන් වැඩිපුරම සෙක්ස් ගැන හොයන්නා ඉන්නේ ලංකාවේ
ළමයි කුඩා කල සිට ශිෂ්‍යත්වය අරමුනු කොට ත්‍රීවීල් එකක් ගෙන හංදියේ නවතාගෙන සිටීම අරමුණු කොට අම්මාව හෝ විවාහ වී සිය භාර්යාව විදේශසේවයට යැවීම අරමුනු කොට ජීවත්වේ
රජය හැකි තරම් බදුබර දමා ගෙන එන පිච්චියට කෙලවයි
ව්‍යාපාර ෆෝන් එකක් ටී වී එකක් ෆ්‍රිජ් එකක් විකුනා ගෙන ගෙන එන පිච්චියට කෙලවයි
ව්‍යවසායකයින්ට අවශ්‍ය පුහුණු ශ්‍රමය මෙහි නැත.
පෝට් සිටිය ආර්ථික නගරය වී ඇත.
කලින් කියූ නරක පරිසර බලපෑම දැන් හොඳවී ඇත.

මෙතැන නොලිය වුනු දහසක් දේද ඇත.


ඒ වගේම කිසිදාක නොතිබුනු යම් නිදහස් තත්වයක් උදාවී තිබේ. එය කී කලකටද කියා තීරණය කිරීම භාර අපටමය.

Thursday, September 1, 2016

රාජිතයි මාධ්‍යයයි අතර ඩීල් එක?


ජනවාරි අට ආ සුදු හංසයට  මොකද උනේ?
ඩීල් වලින් මඩ ගෑවී තටු කැපී
හංසයා දැන් පාත්තයා වීලා වගේ නේද?

කා අතරත් වගේම දේශපාලකයින් හා මාධ්‍යය අතරද ඩීල් තිබේ.
දේශපාලකයින් තමන්ව අමාරුවේ නොදමන ප්‍රශ්න අහනවාට හරිම මනාපය.
පසුගිය දිනවල මාධ්‍ය රාජිතගෙන් අහනවා..
ඇමතිතුමනි මොනවාද ජනපති තුමා කියූ ඔහු සඟවා සිටින රහස්..?
රාජිත මුහුණ ප්‍රභාෂ්වර වු අතර
 සිනාව කණ දක්වා පැතිරිණ.

කියමු බලන්න රාජිත තමන්ගෙන් මාධ්‍ය අසනවාට අකමැතිම ප්‍රශ්නය?

ඒ වගේම අනෙක් දේශපාලකයිනුත්....?
මඳක් හිතල බලමු එක් එක් දේශපාලකයා ගැන..