Followers

Tuesday, January 17, 2017

සිරී පාදේ - පලමුවෙනි කොටස

කාර් පිස්සුව නම් කෙටි කථාවක් බ්ලොගයේ තිබී කියෙව්වා. නූතන උපමා, ඉල ඇදෙන යෙදුම්, උපහාසය, අපහාසය සපිරි රසයන් කීපයක්ම මතුවන අයුරින් මනාව නිර්මාණය කොට ඇති ඉතාම නූතන කෙටි කථාවක්. රසය උපරිම ලෙස වින්දා. එය ඉතාම සූක්ෂම ලෙස නූතන ගම්පෙරලියක් ගැනද කියනවා. මා කැමති එතනයි. ඉතින් ඒක කියවල මගේ කතා පිස්සුවත් තද උනා. http://carpissuwa.blogspot.com.au/

සිරී පාදේ - පලමුවෙනි කොටස



“ඔව් මොනිකා ඔව් ඒක කොහොම හරි කරගන්න පුලුවන් වෙයි“

”අනේ කොහොම හරි කරන්නම ඕනේ ඩාර්ලින්, මැල්කම් අන්කලුත් කථා කරල කීව:

 අන්කල් මාධ්‍යයට ප්‍රකාශ කල ඒවා ගනන් ගන්න එපාය කොහෝම හරි සිරී පාදේ හදන්නය කියල”

“ හා ඇත්තද මුන්ගේ ඩබල් ගේම්, මාධ්‍යට එක මූණක්, අපිට වෙන මූණක්, මොනිකා ඔයා දන්නවද? උදේ අස්සගිරියෙන් ටෙලිෆෝන් කරා, උන්නාන්සේ කියන්නේ ඇත්තම සිරී පාදයක් තියෙද්දී මොකටද අලුතෙන් එකක් ගෝල් ෆෙස් එකේ හදන්නේ කියල?''

මතුපිටින් බැලුවම ඒ කථාව ඇත්ත. නමුත් දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තය වැටිල, ලංකාව ප්‍රීතිමත් මිනිස්සු හිටිය රටක් අද බන්ග්ලාදේශය පකිස්තානය හා ඉන්දියාවට වඩා පල්ලෙහා අපි ඉන්නේ, එ සඳහා අපි යමක් කල යුතුයි. මොන ප්‍රශ්න ආවත් මේ වැඬේ කොහොම හරි කරන්න ඕන.
ඒ අයට රටේ ආර්ථිකයේ අලුත් පැත්ත, ලෝකයේ රටවල් අතර තියෙන තරඟය, අපේ රටට නව ආදායම් ක්‍රම නැතුව හිඟාකන්න වෙනවා කියල හැඟීමක් ඇත්තෙම නෑ.

“තුන්පිටකවල ඕව නැතුව ඇති”

ලෝක හොකී ශූරතාවය 1995දී උරුම කරදුන් හිටපු ජාතික හොකී නායක වර්තමාන කොළඹ පුරපති නිරන්ජන් අමරසිරිබන්දු, ගාලු මුවදොර පැහැදිලිව පෙනෙන අලුතින් ඉදි වුනු වරාය නගරයේ තට්ටු 52ක් උසැති  ගොඩැගිල්ලක 32වෙනි මාලයේ පිහිටි සිය කාර්යාලයේ සිට ගාලු මුවදොර පිටියේ මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ඉදිවෙමින් ඇති සිරීපාදයේ කටයුතු නිරීක්ෂණය කරමින් සිය මිතුරියට කථා කරයි.
කාඞ් බෝඞ් සිරීපාදයට වැය කරන මුදල් දුගියන්ට දුන්නා නම් මීට වැඩියේ හොඳ නැද්ද- කොන්ඩඤ්ඤාරාමයේ මා හිමි. ’සීදේවි‘ පත්තරේ පොල් ගෙඩි අකුරෙන් පලවී තිබේ. නිරන්ජන්, ‘සීදේවි’ පත්තරේ අයිතිකාරයින් දැනට වසර දෙකකට පෙර පාර්ලිමේන්තු ඡන්දයෙන් පැරදුනු ජන්ම භූමි පක්ෂයේ නායක හිටපු අගමැතිු රාජදූරී පවුලට හිතවත් අය බව හොඳින් දනී. නිරන්ජන්ගේ පුදුමය නම් පසුගිය සතියේ කොළබ කොණ්ඩඤ්ඤාරාමාධිපති මාහිමියන් තමන් අශීර්වාද ගන්නට ගිය ආවස්ථාවේදී ආශීර්වාද කොට පිරිත් නූලක්ද ගැට ගැසූ නිසාය.

“පත්තරෙනුත් අපිට ගහල“

’නිරන්ජන් ඔය විරුද්ධතාවල් ඕක සිරීපාදෙ හදනකම් විතරයි බලන්නකෝ මං කිව්වට, ඔය දොස් කියපු අයත් පෝලිමේ ඇවිත් නගින්නැද්ද කියල බලන්න‘

“ගිය සුමාණේ මං කොණ්ඩඥාරාමෙට ගියා මේ ගැන නායක හිමියන් දැනුවත් කරන්න. ඒවේලාවේ උන්නාන්සේ මට ආශීර්වාද කළා, අපි ආරම්ඹ කරන කටයුත්ත සාර්ථක වෙන්නය කියල. මට හිතා ගන්න බෑ සතියකට පස්සේ මේ වගේ මුලින් කියපු දේට සම්පූර්නම පරස්පර දෙයක් කියයි කියල.”

“ඔයාට ඔය රාජධූරි ලගේ පත්තර විශ්වාසද?“

”මම විශ්වාස කරන නොකරන එක නෙවෙයිනේ මොනිකා ගැටලුව, මුලු රටක් පුරා පැතිරෙන විෂබීජනේ ගැටලුව! මේවට කොහොමද අපේ අලුත් ආන්ඩුව මූණ දෙන්නේ. රාජධූරිලගෙ ආණ්ඩුව කරල තියෙන විනාසෙ, ආර්ථිකය පත්වෙලා තත්වය, ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය පත්වෙලා තියෙන තත්වය, සංචාරකයින් ලංකාව මග හැරීම ආදීය ගැන මෙලෝ බෝලයක් තේරෙන්නෙ නෑ, එක්කො තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ.”

-අනෙක් කොටස ළඟදීම-





9 comments:

  1. ඊලඟ කොටසත් දාමු එහෙනම් බලන්න.

    ReplyDelete
    Replies
    1. දානෙක දානවා මයි, ඕයි තමුසේ මොන පත්තරෙන්ද?

      Delete
  2. ///-අනෙක් කොට ළඟදීම-/// ඒ මොකද්ද ඒ කොට ??

    ReplyDelete
    Replies
    1. තේරෙන්නෙ නැද්ද ඕයි, තමුසේ මොන පත්තරෙන්ද? ha ha

      Delete
    2. ඇයි පත්තරේ ඉන්න අයට තේරෙන්නේ නැද්ද... අනේ පව් ඒ මිනිස්සු... පත්තරේකට නම් සම්බන්ධ නැ.. ඇවිත් බලන්න ,තේරෙවි එතකොට ha ha.....

      Delete
    3. අඳුරෙන් ආලෝකයට.
      ඉහත බලන්න ෆොටො එකක් අලුතෙන් එක් කොට ඇත.

      Delete
  3. සොරකම් කලත් සිතකින් නොවේ

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්