Followers

Wednesday, January 4, 2017

ජවිපෙ ගඟට කැපූ ඉනි?

ජවිපෙ බලගතු පක්ශයකි.
පසුගිය ආණ්ඩුව බලයට ගෙනැවිත් ස්ථාපිත කිරීමේදීද
එමෙන්ම 2015 ජන 8 දා පසුගිය ආණ්ඩුව එලවාදැමීමේදීද
ප්‍රධාන කාර්‍යභාරයක් ඉටුකලේද
ජවිපෙ විසිනි.
ඒ සඳහා අවශ්‍ය බලය ප්‍රමානවත් ලෙස ජනතාව විසින් ඔවුනට දී තිබේ.
අනාගතයේදීත් ඔවුන් රජුන් තනනු ඇත.
රජුන් මහපාරට ඇද දමනු ඇත.
ඒ සඳහා අවශ්‍ය බලය ජනතාව දී තිබේ.

දැන් ජවිපෙ බලය  වැඩි බලයක් ඉල්ලන්නේ මොටද?
ආණ්ඩු බලය ගන්නද?
2020 බලය ඉල්ලන්නේ ජවිපෙ ආණ්ඩු පිහිටුවන්නද
නැත.
යෝජිත නව ව්‍යවස්ථාවෙන් ගොඩනැගෙන ජාතීන් අතර සංහිඳියාව හා ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ
සිංහල දෙමල මුස්ලිම් ජනතාවට ලැබෙන
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන්නටද?
ජවිපෙ කිරි කලයට ගොම දා ගන්නේ එතැනය.
ඔවුන් මේ ලෑස්ති වන්නේ 88-89 ටද?

පක්ශයේ සියලුම කැප කිරීම් ගඟට කැපූ ඉනි මෙන් නිරපරාදේ
නාස්තිවී යන්නේ මෙතැන්දීය.
මෙතුවක් කල් මාන්සියෙන් කැපවීමෙන් උපයන ලද කීර්තිනාමය පලුදු කරගන්නේ මෙතැනදීය.
ජවිපෙ හැමදාම කල වැරැද්ද නැවත වටයකින් පෙරට ගෙන එමින් ඇත.

ජවිපෙ විප්ලවය කරන තුරු දෙමල හා මුස්ලිම් ජනයාටලැබෙන සුලු සහනයවත් නොදිය යුතුය කියලද ඔවුන් කියන්නේ?

3 comments:

  1. මගේ අදහස අනුව විජේවීරට වඩා අනුර කුමාර දිසානායක තුල බුද්ධිමත් භාවයක් තියනවා. විජේවීර අවිචාර කතා කිව්වා - බෙන්තර හෝටලය ඇමර්කන් බේස් එකක් , ඇල්ල වැල්ලවාය පාර රන්වේ එකක් යනාදි වශයෙන්. අනුර කුමාර දිසානායක කතා කරන්නේ වඩාත් තර්කානුකූලව​. ජවිපෙ විජේවීර සුරුවමක් කර ගන්නවාට වඩා විජේවීරගේ වැරදි පිලි අරගෙන ස්වයං විවේචනයකට ගොස් ක්‍රියා කරනවා නම් මීට වඩා හොඳ ගමනක් ඔවුනට යන්න පුලුවන්

    ReplyDelete
  2. අනුරගේ බුද්ධිමත්භාවය පිළිබඳ කතාව ඇත්ත. හැබැයි පිටට නොපෙනුණාට ජවිපෙ ඇතුලෙත් ලොකු අදහස් ගැටුම් තියෙනවා.
    ජාතික ප්‍රශ්ණය ගැන ජවිපෙ මතුපටින් ප්‍රගතිශිලී වුණත් තවමත් ඉන්නේ පරණ තැනම තමයි වගේ පෙනෙන්න‍ෙ

    ReplyDelete
  3. උන්ට බනින කොට ජවිපේ විරුවන් ය
    අපිට බනින කොට උන් මළ ඇණයක් ය
    ඡන්ද කාලේ කඩේ යවන කොළුවන් ය
    පස්සෙන් පහු ගඟ දමන ඉණි දඬු ය.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්