Followers

Thursday, March 16, 2017

චතුගේ ශානරය- Gampaha Genre

නත්තල් ගස 2
තිලොවට තිලක වූ අමා මෑණී වූ බුදු පියානන්ගේ තෙමගුල වෙනුවෙන් ගාලු මුවදොර ඉදිකරන්නට යෙදුණු සිරී පාද ය වැඳ පුදා ගැනීමට ජනයා කොළඹට පැමිණියේ ලස්ස ගණනිනි. ලෝකය පුරා ද මේ ගැන තොරතුරු පලවිය. වැටී තිබෙන ආර්ථිකයට එයින් ලැබුනු තල්ලුව කෙසේ වෙතත් මෙය ඉදිකිරීමට පෙර හා ඉදිකරන අතර මතුවූ විරෝධය කොහෙට වාෂ්ප වූවාදැයි මහ කොළඹ පුරපති අමරසිරිබන්දුටත් පුදුමය.

ඔහුගේ ලේකම්වරිය වන මොනිකා මෙය කීවේ දිව්‍ය ඥාණය ඇත්තියක මෙනි. හදනකම් තිබෙන විරෝධය හැදූ පසු වාෂ්ප වී යන බව ඈ කියූ හැටි ඔහුට මතක් විය.
නව ආර්ථික නගරයේ උස ගොඩ නැගිල්ලක 52 වන තට්ටුවේ පිහිටි සිය කාර්‍යාලයේ සිට විශාල වීදුරු ජනේලය තුලින්  උවමනාවෙන් වටපිට නිරීක්ෂණය කලේය.  නෙලුම් කුලුණ කොළඹ නගරයේ උසම ඉදිකිරීම ලෙස කැපී පෙනෙයි.

ඉසුරුගේ පිනට පහල වූ මීතොටමුල්ලේ කුණු කන්ද මුදුනේ ලෙළ දෙන ඉන්ග්‍රීසි කොඩිය කුඩාවට පෙනේ. ඉසුරුගේ පින් බලය ගැන අමරසිරි බන්දු තත්පරයක් මෙනෙහි කලේය. ජනපති ගේ එක් වචනයක් කපුටන් මොනරුන් කරන්නට ප්‍රමාණවත් වන හැටි පුදුමය. තාත්තයි පුතයි දෙන්නම මට උදව් කරල තියෙනව කියල ජනපති තැනක මේ ළඟදී කිව්ව. චතූ සේනාරත් ද ට්‍රයි එකක් දුන්නේ පිනක් පාදාගන්නය. පිනක් පාදාගන්නව වෙනුවට බයිට් වෙලා ගියේය. අමරසිරිබන්දු ගේ ගම්පලාතෙන් එන සමහරුන් හොඳ විහිලු සපයන්නන්ය. බයිට් වෙලාම යන්නේ ය. සිල්වා, පබා ආදී විහිලු සපයන්නන් අතර චතූ වෙනම ශානරයකි.

දුරකථනය නාද වන්නට විය. 

අන්තර් ජාලේ වීඩියෝ එකක් දාලලු.
ඒ පාර මොකක්ද 
බන්දු පවුලට විරුද්ධව
කමලබන්දු ගැන
මගේ මල්ලි, කොළඹ නගරාධිකාරියෙ සභාපති තමයි, 
සාමාන්‍ය පෙළවත් නෑ
සාමාන්‍ය පෙළ නොතිබුනාට ලන්කාවේ හොකි සන්ගමය නග්ගල ගත්තේ කවුද?

1996 අමරසිරි බන්දු ගේ නායකත්වය යටතේ ලෝක ශූරතාවය ජයග්‍රහණයෙන් පසුව කමල් බන්දු ලන්කා හොකි සභාවේ ලොකුම තනතුරු දැරුවේය. හොකි ක්‍රීඩාව දියුණුවෙන් දියුණුවට ගියේය. (මේ අමරසිරිබන්දු සිතාසිටින විදියයි. )
අද අමරබන්දුගේ යටතේ තිබෙන ආයතනයක් වන නගරාධිකාරියේ සභාපති තනතුරු දරයි. ව්‍යාපාර එන්න එන්නම දියුණුවෙයි.
(මේ අමරසිරිබන්දු සිතා සිටින විදියයි.)
ඉසුරු කාරයා හරිය. ඇත්තටම අපිට මේව පෙර කරපු පිනට ලැබුනු දේ. ඉරිසියාකාරයෝ. 

3 comments:

  1. අමරසිරිබන්දු හිතන් ඉන්න විදිය.. හෙක් හෙක්.. මේක පට්ට!

    ReplyDelete
  2. අපේ පවට ඉසුරුට පින් දෙන්න බැහැනේ හිටං...:D

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්