Followers

Wednesday, March 8, 2017

බුදු ඇම්මෝ, කොලස්ටරෝල්-පොලුත් ඕනෑ වේ. No coconut No life


කාලයක් පොල් සරීර සෞඛ්‍යයට අහිතකරය, බුදු අම්මෝ, අපිව බය කරපු හැටි. එහි අඩන්ගු කොලස්ටරෝල් බඩට ගොස් බඩ හරහා රුධිර නාල වලට ගොස් ඒ රුධිර නාලවල තැන්පත් වී හිල පුන්චි වී රුධිර පීඩනය වැඩි වී හැට අනූවක් ව්‍යාධිවලට හේතුවක් වී අවසානයේ අමා මහ නිවන පවත්නා නිවන් පුරේ ඉඩම් මිලදී ගෙන නොමැතිනම් අතේ ඉතිරිව තිබෙන මුදලේ හැටියට වටිනා පෙට්ටියක නැගී අවීචි මහ නරකයට යාමට සූදානම් විය යුතුව තිබුනි. No to coconut කියපු අපි දැන් කියන්නේ..No coconut, No life .

දැන් තත්වය යූ ටර්න් එකක් අරගෙනය. අන්සක 360කින් කැරකිලාය. දැන් පොල් තරම් දෙයක් ලොවෙත් නැත. පොල් නානවාය. පොල් බොනවාය. පොල් කනවාය. ලොඳත් කනවාය. ඇඟේ උලනවාය. (පොල් ගහන එක මේ මල්ලට දාගන්න බැරිය.ඒක වෙනම කතන්දරයකි.) No to coconut කියපු අපි දැන් කියන්නේ..No coconut, No life කියලාය.

ඒ මදිවට දැන් කොලස්ටරෝල් අඩුකරනවයි කියන ආහාර ගත්තාට වැඩක් නෑ යයිද කියත්. ඒ ගොල්ලො කියනව. අපි අහනව.

ලේවල සීනි තත්වය සාමාන්‍ය අය බිලියන් ගණනකට දිය වැඩියාව හැදුවෝය. ඒ කොහේදෝ ඈත බලවත් රටක බලවත් ඖෂධ ව්‍යාපාරවලට කත් අදින පඬුවන් කීපදෙනෙකු විසිනි.
මේ ලඟදීම සීනි ටිකක් වැඩිපුර කෑවාට කමක් නැත කීවොත් පුදුම නොවන්න. ලෝකය පුරා පැණි බීම වර්ගවලටඇති ප්‍රතිවිරෝධය ආන් බාන් කර ගන්නය.
අපිට ඉස්සර කිව්වේ No Coca Cola, No life කියලාය. අද ඉන්දියාවෙන් එලවා දමන්නේ නැතිව ම බෑ කිව්ව ඒවාය.

කාලය මහ පුදුම මැජික් කාරයෙකි. කස්ටියකට කාලයක් චීනය, කොමිනිස් රටවල් පට්ට ඇලජික් විය. අද චීනේ නැතුව හීන දකින්නත් බැරිය.   පොල් කුඩු ගාණට සැලකූ වාමාන්සිකයින් රූපවාහිනියට පට්ට ඇලජික් විය. අද සමහරුන්ට වාමාන්සිකයින් නැතුව අද රෑ හීන දකින්නත් බැරිය. වාමාන්සිකයින් නැතුව පුද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යන්නත් බැරිය.
 කාලයක වෙනසය.
ඒ වගේම සාටකයක වෙනසය.

14 comments:

  1. no women no cry කියන්නෙත් ඒකටද අයියේ

    ReplyDelete
    Replies
    1. නෑ මල්ලි, බොබ් මාලේ එහෙම නොවේලු කියල තියන්නෙ අපිට එහෙම ඇහුනට!

      Delete
  2. මාත් දියවැඩියාව ට හැට හුට හමාරක් බේත් බොනවා.. හැබැයි බිව නොබිවකියල කියන්න තරං වෙනසකුත් නෑ..

    අනේ අම්මපා මේ මොන ලෝකයකද කියල.. සෙහ්..

    ReplyDelete
    Replies
    1. අපි දෙවියන්ටයි ෆාමසියටයි ටෙලිෆෝන්වලටයි වැඩියෙම වියදන් කරන්නේ!

      Delete
  3. මෙහේට ඇවිල්ලා අපි මුලින් පාවිච්චි කලේ පිටි කළ පොල් කිරි. දැන් නං පොල්කිරි ටින්වල දාලා තියෙනවා.

    පොල් වතුර බීමේ ක්‍රේස් එකේ දැන් තත්වය පිටි කළ පොල් වතුර! ග්‍රැම් සීයක් ඩොලර් දාසයයි.
    https://www.facebook.com/suriyaarachchi/posts/10155151422958793

    තව ටික කාලෙකින් පිටි කළ සාමාන්‍ය වතුරත් ඒවි.

    ReplyDelete
    Replies
    1. හයිඩ්‍රජන් ලෝහය ආවා නම් පිටි කල වතුර ලඟය

      Delete
  4. Replies
    1. ඔව් පොල් නැතුව උදේට නැගිටින්නත් බෑ

      Delete
  5. සුද්දොත් පොල් නිශ්පාදනවලට පිස්සු වැටිලා ඉන්නේ..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්