Followers

Sunday, March 12, 2017

කොටුවේ පොඩි සාදු හා සමන්ත බද්‍ර හිමි, What is Ven Samantha Badra's opinion on SAITM ?


ප්‍රවෘත්ති මවන මේ දෙ හිමි නමට මගේ යම් ගෞරවයක් තිබේ. ඒ ප්‍රවෘත්ති මවන  නිසාම නොවේ. විද්වතුන්ගේ නව සොයා ගැනීම් හෝ දේශපාලකයින්ගේන් රට වෙනුවෙන් ක්‍රියාත්මකව ආඩම්බර වීමට යමක් නොලැබෙන තත්වයක් තුල එසේ සිදු වූවත් මාධ්යයට නිවුස් එකක් නොවන තත්වයක් තුල මෙ දෙහිමියන් අපට සිතන්නට යමක් එලියට දාන බැවිනි.

එක් හිමි නමක් බුදු හිමියන් පරණ තැනට උස්සා තබන්නට උස්සහ කරන අතර තව හිමි නමක් බුදු හිමියන්ව බිම්ට බාලා පොලවේ පය ගස්සවන්නට උස්සහ කරනවා. හැබැයි එතුමා බිමට බස්සන ගමන්බුදුන්වහන්සේගේ ධර්මය හා සීලයේ රැස්වලින් ආලෝකය ලබාගන්න බලනවා. බලනවා නෙවෙයි කරනවා. මමත් බුදු වෙලා නම් රටේ වෙන දේවල් ගැන වෙනව කියවීමක් තියෙන්න ඕනේ. රටේ නායකයා ආහාර ගන්නේ පරන ග්‍රාම සේවකයෙකු වගේය, කාපු නැති එවුන් පෙරේත කමටයි විවේචන කරන්නේ ආදී වශයෙන් දෙඩවීම් වලින් කියන්නේ එතුමා බුදු කෙනෙකුට නොවෙයි පන්සලක සාමාන්ය මහණකමටවත් වටින්නේ නැති බවයි.

බුදු හිමියන්ව බිමට බානවාට දේව තත්වයෙන් බිමට ගන්නවාට මා පුද්ගලිකව කැමතියි. නමුත් මේ හිමියන් බුදුන්ව බිමට බාන්නේ තමන්ට බුදු වෙන්නය. මේ අරමුණු වලින් වැඩ කරන විට හෙළිවීම වැඩි දුරක් නොවෙයි. අපි ටිකක් බලා සිටිමු.

අනෙක් හිමි නම අපේ සංස්කෘතික බුදුන්ව උස්සා තබා, ලංකාව තුල ජාතිවාදයෙන් මිදුණු එහෙත් අපේ කමේ බලය ඉහලින් තබා ගත යුතු බවා අවධාරණය කරත්. උන්වහන්සේ එතෙර වෙසෙන විශේෂයෙන් කොරියාව වැනි රටවල තරුණයින් ගැන වැඩිපුර අවධානයක් යොමු කරත්. මැද පෙරදිග දුක් විඳින ස්ත්‍රී පක්ෂය ගැන අමතක කරත්.
විශේෂයෙන් සයිටම් ගැන එතුමා කියන්නේ ඒක වහනව නම් ඔක්කොම පුද්ගලික විශ්ව විද්‍යාල වසා දැමිය යුතුයි.

සමන්ත බද්‍ර හිමිගේ සයිටම් ස්ථාවරය මා දන්නා තරමට එළියට ඇවිත් නැත.

5 comments:

  1. කෙටි ලිපියක් . අත්තමටම මට දැන ගන්න පුලුවන්ද "බුදු හිමියන්ව බිමට බානවාට, දේව තත්වයෙන් බිමට ගන්නවාට" කියන එකෙන් ඔබ අදහස් කරන්නේ මොකද්ද කියල දැන ගන්න මම කැමතියි...

    ReplyDelete
  2. ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු සමන්ත බද්‍ර හිමියන්ගේ ෆේස් බුක් ක්ලිප් වලම තියෙනවා. බුදුන් වහන්සේට අහසින් වඩින්න බැරිය වතාවක් කිව්වා.

    ReplyDelete
  3. මම හිතුවෙ සමන්ත බද්‍ර හිමියන් බුදුන් වහන්සේ සෘද්ධිය පිලිගන්නවා කියල . ඒත් ඇයි ඔබ ඒ ගැන සතුටු වෙන්නේ ?

    ReplyDelete
  4. පිස්සුද බං දයල්...වික්ටර් රත්නායකයි, ලෙලුම් රත්නායකයි වගේ. මුන්ට පබ්ලිසිටි දෙන්න එපා. දවසක අඬන්න වෙයි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්