Followers

Saturday, April 29, 2017

ජවිපෙ ඇත්තටම රැඩිකල්ද? Is JVP genuinly radical?



පසුගිය අවු දෙක තුල වැඩි පෙනුමට ඇඟට දැනෙන දෙයක් නොවුන නිසා මට හිතෙනව  දැන්මම බොහෝ අය  2020 දිහා බලාගෙන ඉන්නේ කියල. දැන් තියෙනවට ජවිපෙට වැඩි බලයක් 2020 මැතිවරනයේදී ලැබෙන එක නම් ඒකාන්තයි! ඒක වරදින්න විදියක් නෑ. ඒක එහෙම වෙන්නත් ඕන. මොකද ඒ කඩේ බඩු ෂුවර්..(ඒ අයම තමන් ගැන දෙන චරිත සහතිකය නිසාම නෙවෙයි මෙහෙම ලියන්නේ.) එක හේතුවක් ජ වි පේ අද මැද පන්තියේ ආකර්ෂනය දිනාගනිමින් සිටිනවා

පසුගිය පවුල් පාලනේ කොටස් කාරයෝ එහෙන් මෙහෙන් 2020  ත් ඉඳියි මේ දැන් ඉන්නව වගේ; හ්ම් ඒකත් සැකයි..සැකයි, සරත් ෆොන්සේකාට දෙන්න යනවයි කියන වගකීම් එක්ක. දැන් පේන විදියට එහෙමමම බලතල දෙන පාටක් නෑ. හැබැයි එකක් කියන්නෝන, ඒ නිව්ස් එකෙන් ඔක්කොම හෙල්ලිල තුස්නිම්බූත වෙලා ගියා..

කෙසේ හෝ වේවා මට තියෙන අවුල අපේ රට ඉස්සරහට ගෙනියන්න පුලුවන් අවංක සාපේක්ෂ වශයෙන් අවංක, කැප වුනු, ජවිපෙ, රටත් ලෝකයත් පැටලී තිබෙන අවුල් ජාලයේ තරමට ඒ කියන්නේ මේ අවුල් ලිහාගෙන කටු පඳුරු බිම්බෝම්බ අස්සෙන් මාර කටවල්වලින් රිංගල, රට ගෙනියන්න ජවිපෙ ප්‍රමාණවත් වශයෙන් රැඩිකල්ද නිර්මානශීලීද කියන එක. එක පැත්තකින් ලාල් කාන්තලගෙ පැත්ත නිකං හුලං බැහැපු ගතියකුත් පේන්න තියෙනව. ඔහුගේ පුද්ගලික ප්‍රශ්න ආදායම් හා දරුවන්ගේ අධ්යාපන ප්‍රශ්න වලින් පීඩනයට පත්වෙලා ද නොදනිමි.

අද ජවිපෙ හැම දෙයකටම විරුද්ධ වෙනව මිසක්ක, කිසිම ගැටලුවකට නිර්මානාත්මක ලෙස මැදිහත්වන බවක් පෙනෙන්න නෑ. පුද්ගලික අද්‍යාපනයෙන් තොර අද්‍යාපනයක් රටකට හිතාගන්න පුලුවන්ද? බදු ගෙවීමේ විශමතා, දිස්ත්‍රික්ක මත පදනම්වම සිසුන් විශ්ව විද්‍යාලවලට තේරීම, ස්ත්‍රීන් පහල රැකියාවලට රට පැටවීම, රටට බරක් වී ඇති අකර්‍යක්ෂම රාජ්‍යය සේවය, ඒක පුද්ගල ආදායම වැඩිකිරීම, රටේ සාරය උරා බොන සුදු අලි ආයතන ආදී බරපතල ගැටලු වලට මැදිහත්වන ආකාරයෙන් නිර්මාණාත්මක බවක් තියෙන බව පෙනෙන්න නෑ. ජාතික ප්‍රශ්නයක් නැති ගාණයි!

ශ්‍රම දාන සංකල්ප වලින් පමනක් තවදුරටත් පෙරට යා හැකිද?  ඉන්දියාව බිල්ලෙක් ලෙස සලකන ප්‍රතිපත්ති ය ඉදිරි ගමනට විශාලකඩුල්ලක් නොවේද? අන්තර් විශව විද්‍යාල බල මණ්ඩලයේ සිසුන්ගේ මානසිකත්වයෙන් පෙළෙන ජවිපෙ ට ලෝකයේ විශාලතම ආර්ථික පින්තූරය දැකිය හැකිද?

3 comments:

  1. බිගර් පික්චර් එක ඇතුලෙ වැඩ නොකර රොමෑන්ටික් කතා කියල වැඩක් නෑ තමා.
    ජවිපෙ බලයර එන්නනම් තිස්ස ස්භාවෙනුයි අමාථ්‍යාංශ කිහිපයෙකිනුයි එහාට තමන්ව ඔප්පු කරන්න ඕන

    ReplyDelete
  2. ජවිප තම නම වෙනස් කර ප්‍රතිපත්ති පමණක් රැගෙන එන්න!

    -සිනුවර ප්‍රජා පෝස්ටරයක්

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ නැහැ 2020දී වුනත් මෙයට වඩා ලොකු බලයක් ගන්න ජවිපෙට පුළුවන් වේවි කියලා.පහුගිය මහා මැතිවරණය වෙලේ මම ජන්දේ දුන්නෙත් ජවිපෙ එකට.ජවිපෙ එකේ ඉන්නේ අනිත් උන්ට සාපේක්ෂව හොඳ අය වුනත් උන්ගේ තියන යල් පැනපු ප්‍රතිපත්ති වෙනස් වෙනකම් එකම තැන පල් වෙන්න තමයි වෙන්නේ.

      Delete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්