Followers

Saturday, December 16, 2017

ජවිපෙ ගොඩ ලොකුවෙන තරමට මෛත්‍රී ලොකුවෙන පුංචි, ලොකු ඡන්දේ!! Mithree will win at the end any way!!,

තෙවසරකට පසුව, යහපාලනය පලමු වරට ටැස්ට් කරන ඡන්දේ හෙවත් පලමු මුට්ටිය ඔන්න එනව පෙබරවාරියේ.  ඔක්කොම හුලං හමල ඉවරයි. පාගමන් ඉවරයි. සයිටම් සටන ඉවරයි. තව පෝය දෙකයි කිව්ව ආණ්ඩුව ඉතාම ශක්තිමත්ව ඉදිරියට ගමන් කරමින් තිබෙනව.  අවබෝධතා ගිවිසුම තව අවු දෙකකින් දික් කරන්න යනව. සැලුන් දොර බකාස් ගා ඇරිල. ගෙම්බන් දැන් මේ පැත්තට පනිනව.

සෞඛ්‍ය ක්ශෙත්‍රයේ පැහැදිලි දියුනුවක් ජනහිතකාමී ස්වබාවයක් පෙන්නුම් කරල තියෙනව. අධ්‍යාපනය පැත්තෙන් කියන්න තරම් දියුණුවක් වෙලා නෑ. පෙට්‍රෝල්, භූමිතෙල් අඩුකරල තියෙනව. ඩෙංගු යම් තරමකට පාලනයකට ගෙනවිත් තිබෙනව. කොළඹ කුණු යම් ප්‍රමාණයකට පාලනයකට ගෙනැවිත් තිබෙනව. කොළඹ ට්‍රැෆික් නිසා දේසපාලකයින්ගේ අම්මලත් බැනුම් අහනව.පාරවලුත් හැදෙනව, ඒ හැදෙන වේගෙට ඉවර කරන්න අවු සීයක්වත් යයි. මහබැන්කු කොල්ලය ආණ්ඩුවට වනයක්, ඇණයක් . කොරේ පිටට මරේ වගේ රු 10000 රජයේ සේවක පඩි වැඩි කිරීම  රජයේ ණය බර තවත් වැඩිකලා. කෙසේ හෝ මූල්‍ය අරමුදලේ ණයවලින් හා චීනේට වරාය විකිණීමෙන් ලද මුදලින් ආණ්ඩුවට ගෙනියගන්න පුලුවන් කමක් තියෙනව. යහපාලනය ඇතිකිරීමේ නියමුවකු වන සාධාරන සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සරත් විජේසූරිය මෑතකදී, රනිල් හා ආණ්ඩුව ගැන කල විවේචනය ඉතාම බරපතලයි.

ආණ්ඩු විරෝධී ඡන්ද මහ කුට්ටියේ ප්‍රධාන හිමිකරු හා ප්‍රතිවාදියා වන මහින්ද පොහොට්ටුව නැමති බලල් අතකුත් අනෙක් අතින් රනිල් හා මෛත්‍රී සමග ඩීල් දමමින් දෙවිදියක සටනක් දියත් කරල තියෙනව. අනෙක් ප්‍රධාන ප්‍රතිවාදියා වී තිබෙන්නේ ආණ්ඩුවට හිතවත් ඒත් තදබල විවේචක පාර්ශවයක් වන ජනතා විමුක්ති පෙරමුනයි.

මේ පුංචි ඡන්දයෙන් ආණ්ඩු මාරු නොවන නිසා පවතින ආණ්ඩුව සමග ශේප් එකේ ඉන්න තමයි කවුරුත් බලන්නෙ; ඒකයි සාමාන්‍යය ස්වභාවය. පොහොට්ටුවෙ චන්ද ලැයිස්තු සැකසීමේ සිදුව ඇති සුලුපටු නොවන අකාර්‍යක්ෂමතාවය, මේ ඡන්දය ඒ පාර්ෂවය විසින් බරපතල ලෙස නොගැනීමේ පැහැදිලි ලක්ෂණයක්.

ජනතා විමුක්තිපෙරමුණ ගෙන යන ගම ජවිපෙට යන සටන් පාටය ජනතාව සැකයෙන් වුවත් බාරගන්නා බව පෙනෙන්නට තිබේ. මෛත්‍රී, රනිල් හා මහින්ද යන තිදෙනාම ජනතාව අතර කීර්තිය දියුණු කරගෙන ඇතැයි කිව නොහැක. ඒත් මෛත්‍රී ඒ තුන් දෙනා අතරින් ජනප්‍රියම නායකයාය කීවොත් වැරදි නැත. ජවිපෙ තරුණ මුහුනු,  වෘත්තීය වේදීන් දුෂණ චෝදනා ඉතාම අඩුවීම එහි වටිනාකම වැඩිකරමින් ඇත. ඒ නිසත්  මෛත්‍රී, රනිල් හා මහින්ද නායකයින්ගේ පිරිහෙමින් යන කීර්තිය නිසත් පොහොට්ටුවේ අකාර්‍ය්ක්ෂමතාවය නිසත් ජවිපෙට යම් වර්ධනය වන ආකර්ෂණයක් ඇතැයි සිතේ. තරුණ තරුණියන් බොහෝමයකගේ මනාපය ජවිපෙට හිමිවෙතැයි අනුමාන කල හැකිය.

ශ්‍රී ලනිප ඡන්ද දෙකට කැඩීම නිසා යූ එන් පිය පක්ෂයක් ලෙස වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගනු ඇත. ශ්‍රී ලනිපෙ තුන්වන තැනට හෝ හතර පහ ස්තානයට පත්වනු ඇත.  පෙබවාරි ඡන්ද ප්‍රතිපලය මෛත්‍රී විසින් බරපතල ලෙස කිරා බලනු ඇත. මෛත්‍රීගේ නායකත්වයෙන් බිහිවන දූෂණ විරෝධී නව පෙරමුණක ආරම්බය එය වනු ඇත.මේ මට හිතෙන හැටිය. 

4 comments:

  1. දවල් හීන බලල

    ReplyDelete
  2. //ජනතා විමුක්තිපෙරමුණ ගෙන යන ගම ජවිපෙට යන සටන් පාටය ජනතාව සැකයෙන් වුවත් බාරගන්නා බව පෙනෙන්නට තිබේ.// මටනම් මේක සුවර් නෑ.. ඔය පෝස්ටර් ගමට දැනුන බවක්වත් පෙන්නේ නෑ.. මොනවා උනත් මෛත්‍රී තමයි මේ 'චන්ද ප්‍රතිපලෙන්' වැඩක් ගන්නේ.. කාටද සෙට් වෙන්නේ කියනඑක හරියටම..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්