Followers

Thursday, March 16, 2017

චතුගේ ශානරය- Gampaha Genre

නත්තල් ගස 2
තිලොවට තිලක වූ අමා මෑණී වූ බුදු පියානන්ගේ තෙමගුල වෙනුවෙන් ගාලු මුවදොර ඉදිකරන්නට යෙදුණු සිරී පාද ය වැඳ පුදා ගැනීමට ජනයා කොළඹට පැමිණියේ ලස්ස ගණනිනි. ලෝකය පුරා ද මේ ගැන තොරතුරු පලවිය. වැටී තිබෙන ආර්ථිකයට එයින් ලැබුනු තල්ලුව කෙසේ වෙතත් මෙය ඉදිකිරීමට පෙර හා ඉදිකරන අතර මතුවූ විරෝධය කොහෙට වාෂ්ප වූවාදැයි මහ කොළඹ පුරපති අමරසිරිබන්දුටත් පුදුමය.

ඔහුගේ ලේකම්වරිය වන මොනිකා මෙය කීවේ දිව්‍ය ඥාණය ඇත්තියක මෙනි. හදනකම් තිබෙන විරෝධය හැදූ පසු වාෂ්ප වී යන බව ඈ කියූ හැටි ඔහුට මතක් විය.
නව ආර්ථික නගරයේ උස ගොඩ නැගිල්ලක 52 වන තට්ටුවේ පිහිටි සිය කාර්‍යාලයේ සිට විශාල වීදුරු ජනේලය තුලින්  උවමනාවෙන් වටපිට නිරීක්ෂණය කලේය.  නෙලුම් කුලුණ කොළඹ නගරයේ උසම ඉදිකිරීම ලෙස කැපී පෙනෙයි.

ඉසුරුගේ පිනට පහල වූ මීතොටමුල්ලේ කුණු කන්ද මුදුනේ ලෙළ දෙන ඉන්ග්‍රීසි කොඩිය කුඩාවට පෙනේ. ඉසුරුගේ පින් බලය ගැන අමරසිරි බන්දු තත්පරයක් මෙනෙහි කලේය. ජනපති ගේ එක් වචනයක් කපුටන් මොනරුන් කරන්නට ප්‍රමාණවත් වන හැටි පුදුමය. තාත්තයි පුතයි දෙන්නම මට උදව් කරල තියෙනව කියල ජනපති තැනක මේ ළඟදී කිව්ව. චතූ සේනාරත් ද ට්‍රයි එකක් දුන්නේ පිනක් පාදාගන්නය. පිනක් පාදාගන්නව වෙනුවට බයිට් වෙලා ගියේය. අමරසිරිබන්දු ගේ ගම්පලාතෙන් එන සමහරුන් හොඳ විහිලු සපයන්නන්ය. බයිට් වෙලාම යන්නේ ය. සිල්වා, පබා ආදී විහිලු සපයන්නන් අතර චතූ වෙනම ශානරයකි.

දුරකථනය නාද වන්නට විය. 

අන්තර් ජාලේ වීඩියෝ එකක් දාලලු.
ඒ පාර මොකක්ද 
බන්දු පවුලට විරුද්ධව
කමලබන්දු ගැන
මගේ මල්ලි, කොළඹ නගරාධිකාරියෙ සභාපති තමයි, 
සාමාන්‍ය පෙළවත් නෑ
සාමාන්‍ය පෙළ නොතිබුනාට ලන්කාවේ හොකි සන්ගමය නග්ගල ගත්තේ කවුද?

1996 අමරසිරි බන්දු ගේ නායකත්වය යටතේ ලෝක ශූරතාවය ජයග්‍රහණයෙන් පසුව කමල් බන්දු ලන්කා හොකි සභාවේ ලොකුම තනතුරු දැරුවේය. හොකි ක්‍රීඩාව දියුණුවෙන් දියුණුවට ගියේය. (මේ අමරසිරිබන්දු සිතාසිටින විදියයි. )
අද අමරබන්දුගේ යටතේ තිබෙන ආයතනයක් වන නගරාධිකාරියේ සභාපති තනතුරු දරයි. ව්‍යාපාර එන්න එන්නම දියුණුවෙයි.
(මේ අමරසිරිබන්දු සිතා සිටින විදියයි.)
ඉසුරු කාරයා හරිය. ඇත්තටම අපිට මේව පෙර කරපු පිනට ලැබුනු දේ. ඉරිසියාකාරයෝ. 

Sunday, March 12, 2017

කොටුවේ පොඩි සාදු හා සමන්ත බද්‍ර හිමි, What is Ven Samantha Badra's opinion on SAITM ?


ප්‍රවෘත්ති මවන මේ දෙ හිමි නමට මගේ යම් ගෞරවයක් තිබේ. ඒ ප්‍රවෘත්ති මවන  නිසාම නොවේ. විද්වතුන්ගේ නව සොයා ගැනීම් හෝ දේශපාලකයින්ගේන් රට වෙනුවෙන් ක්‍රියාත්මකව ආඩම්බර වීමට යමක් නොලැබෙන තත්වයක් තුල එසේ සිදු වූවත් මාධ්යයට නිවුස් එකක් නොවන තත්වයක් තුල මෙ දෙහිමියන් අපට සිතන්නට යමක් එලියට දාන බැවිනි.

එක් හිමි නමක් බුදු හිමියන් පරණ තැනට උස්සා තබන්නට උස්සහ කරන අතර තව හිමි නමක් බුදු හිමියන්ව බිම්ට බාලා පොලවේ පය ගස්සවන්නට උස්සහ කරනවා. හැබැයි එතුමා බිමට බස්සන ගමන්බුදුන්වහන්සේගේ ධර්මය හා සීලයේ රැස්වලින් ආලෝකය ලබාගන්න බලනවා. බලනවා නෙවෙයි කරනවා. මමත් බුදු වෙලා නම් රටේ වෙන දේවල් ගැන වෙනව කියවීමක් තියෙන්න ඕනේ. රටේ නායකයා ආහාර ගන්නේ පරන ග්‍රාම සේවකයෙකු වගේය, කාපු නැති එවුන් පෙරේත කමටයි විවේචන කරන්නේ ආදී වශයෙන් දෙඩවීම් වලින් කියන්නේ එතුමා බුදු කෙනෙකුට නොවෙයි පන්සලක සාමාන්ය මහණකමටවත් වටින්නේ නැති බවයි.

බුදු හිමියන්ව බිමට බානවාට දේව තත්වයෙන් බිමට ගන්නවාට මා පුද්ගලිකව කැමතියි. නමුත් මේ හිමියන් බුදුන්ව බිමට බාන්නේ තමන්ට බුදු වෙන්නය. මේ අරමුණු වලින් වැඩ කරන විට හෙළිවීම වැඩි දුරක් නොවෙයි. අපි ටිකක් බලා සිටිමු.

අනෙක් හිමි නම අපේ සංස්කෘතික බුදුන්ව උස්සා තබා, ලංකාව තුල ජාතිවාදයෙන් මිදුණු එහෙත් අපේ කමේ බලය ඉහලින් තබා ගත යුතු බවා අවධාරණය කරත්. උන්වහන්සේ එතෙර වෙසෙන විශේෂයෙන් කොරියාව වැනි රටවල තරුණයින් ගැන වැඩිපුර අවධානයක් යොමු කරත්. මැද පෙරදිග දුක් විඳින ස්ත්‍රී පක්ෂය ගැන අමතක කරත්.
විශේෂයෙන් සයිටම් ගැන එතුමා කියන්නේ ඒක වහනව නම් ඔක්කොම පුද්ගලික විශ්ව විද්‍යාල වසා දැමිය යුතුයි.

සමන්ත බද්‍ර හිමිගේ සයිටම් ස්ථාවරය මා දන්නා තරමට එළියට ඇවිත් නැත.

Wednesday, March 8, 2017

බුදු ඇම්මෝ, කොලස්ටරෝල්-පොලුත් ඕනෑ වේ. No coconut No life


කාලයක් පොල් සරීර සෞඛ්‍යයට අහිතකරය, බුදු අම්මෝ, අපිව බය කරපු හැටි. එහි අඩන්ගු කොලස්ටරෝල් බඩට ගොස් බඩ හරහා රුධිර නාල වලට ගොස් ඒ රුධිර නාලවල තැන්පත් වී හිල පුන්චි වී රුධිර පීඩනය වැඩි වී හැට අනූවක් ව්‍යාධිවලට හේතුවක් වී අවසානයේ අමා මහ නිවන පවත්නා නිවන් පුරේ ඉඩම් මිලදී ගෙන නොමැතිනම් අතේ ඉතිරිව තිබෙන මුදලේ හැටියට වටිනා පෙට්ටියක නැගී අවීචි මහ නරකයට යාමට සූදානම් විය යුතුව තිබුනි. No to coconut කියපු අපි දැන් කියන්නේ..No coconut, No life .

දැන් තත්වය යූ ටර්න් එකක් අරගෙනය. අන්සක 360කින් කැරකිලාය. දැන් පොල් තරම් දෙයක් ලොවෙත් නැත. පොල් නානවාය. පොල් බොනවාය. පොල් කනවාය. ලොඳත් කනවාය. ඇඟේ උලනවාය. (පොල් ගහන එක මේ මල්ලට දාගන්න බැරිය.ඒක වෙනම කතන්දරයකි.) No to coconut කියපු අපි දැන් කියන්නේ..No coconut, No life කියලාය.

ඒ මදිවට දැන් කොලස්ටරෝල් අඩුකරනවයි කියන ආහාර ගත්තාට වැඩක් නෑ යයිද කියත්. ඒ ගොල්ලො කියනව. අපි අහනව.

ලේවල සීනි තත්වය සාමාන්‍ය අය බිලියන් ගණනකට දිය වැඩියාව හැදුවෝය. ඒ කොහේදෝ ඈත බලවත් රටක බලවත් ඖෂධ ව්‍යාපාරවලට කත් අදින පඬුවන් කීපදෙනෙකු විසිනි.
මේ ලඟදීම සීනි ටිකක් වැඩිපුර කෑවාට කමක් නැත කීවොත් පුදුම නොවන්න. ලෝකය පුරා පැණි බීම වර්ගවලටඇති ප්‍රතිවිරෝධය ආන් බාන් කර ගන්නය.
අපිට ඉස්සර කිව්වේ No Coca Cola, No life කියලාය. අද ඉන්දියාවෙන් එලවා දමන්නේ නැතිව ම බෑ කිව්ව ඒවාය.

කාලය මහ පුදුම මැජික් කාරයෙකි. කස්ටියකට කාලයක් චීනය, කොමිනිස් රටවල් පට්ට ඇලජික් විය. අද චීනේ නැතුව හීන දකින්නත් බැරිය.   පොල් කුඩු ගාණට සැලකූ වාමාන්සිකයින් රූපවාහිනියට පට්ට ඇලජික් විය. අද සමහරුන්ට වාමාන්සිකයින් නැතුව අද රෑ හීන දකින්නත් බැරිය. වාමාන්සිකයින් නැතුව පුද්ගලික විශ්ව විද්‍යාල පවත්වාගෙන යන්නත් බැරිය.
 කාලයක වෙනසය.
ඒ වගේම සාටකයක වෙනසය.

Monday, March 6, 2017

චතුර, විට්ටර් හෙඩ් ලයින් යන අතරේ!

චතුර, විට්ටර් හෙඩ් ලයින් යන අතරේ
වැලිකඩ වෙඩි කෑ උන්ට- වින්දිතයින්ට
ලස්ස 20 බැගින් (කැබිනට් එකේ අයගේ පොකට්වලින්Hiks) ගෙවනව කියන්නේ.
කේස් එක ක්ලෝස්?
වියත් මග හරහ පිරිපුන් දේශයකට යන්නේ එහෙමයි!

ද්‍රෝහීන් විරුවන් කරන අතරේ
වෙඩි කෑ උන්ට ලස්ස 20 බැගින්!
කේස් එක ක්ලෝස්?
යහපාලන දේශයකට යන මග එහෙමයි!

එකාබඩ්ඩේ කස්ටිය කියන්නේ යූ ඇම් පී ශ්‍රී ල නි ප දීගේ ඉවරයි අගෝස්තුවේ කියල.
රාජිත මේ පැත්තේ ඉඳන් කියනව ඒකාබඩ්ඩෙ ඉවරයි අගෝස්තුවේ කියල!

සමන්ත බද්‍රට එදිරිව කොටුවෙ හාමුදුරුවන්ව දාල,
එතැනත් පොඩි ආතල් එකක් නැත්තේ නෑ.

''අබල් බබල්'' ආණ්ඩුවකට දවසක් දෙකක් ගෙවා ගන්න උදව් වෙන එක ලොකු පිනක්.
මේක නම් ඉතිං ඒ ජාතියෙ එකක් නෙවෙයිනේ..!

කොහොම වුනත් ඒ අතින් චතුරල හා වික්ටර්ල ලොකු සේවයක් කරන්නේ.
අරහත් මුනිදු සමන්ත බද්‍ර හා කොටුවෙ හාමුදුරුවො පවා!

 රතු පස්වල වගේ වෙඩි කන්න හිතෙන්නේ මේවේලාවට තමයි, නැද්ද?
ගොඩනේ!
සිරකරුවෝත් මනුස්සයොනේ..


Thursday, March 2, 2017

එක් පෑන් පහරින් ද්‍රෝහීන් විරුවන් කළ හැටි. එක් ටෙක්ස්ට් මැසේජයෙන් ප්‍රේමය කටු ගා දැමූ හැටි Deleting love by a single text message!

එක් පෑන් පහරින් කළ දේ බොහෝය.
සමහර ඒවා පල දෙන්නට ටිකක් කල් ගියේය.
ආවේ කඩු හා වෙඩි වලට පරිවර්තනය වෙලාය.
වෙඩි සුනාමියක් වෙලාය.
 ඒවා ගැන විස්සෝප නොවී පාඩමක් ඉගෙන ගැනීමයි කල යුතු.
තවද ඒවා ගැන කතා කරන්නට යෑම මූඩ් එක කෑමකි.

පසුගිය කාලේ එක් පෑන් පහරින් වීරයන් ද්‍රෝහීන් විය.
ලොකු ටෝක්ස් දීපු අය දැන් කියන්නේ ඒවා වැරදි බවය.
පව්ය.
ඒවා අතීතයට දාමු.
පරන මිනිවල්වල් හාරන එක මේවේලාවේ මූඩ් එක කන වැඩය.

ඒත් නොසිතූ නොපැතූ දේත් ලෝකයේ සිදුවෙයි.
කලින් සිදු වූ දෙයට තනිකරම ප්‍රතිවිරුද්ධ දෙයක් සිදුවිය.

මේ ලඟදී එක් පෑන් පහරකින් ද්‍රෝහියන් වීරයන් විය.
එය ජනපති මෛත්‍රීගේ ශත පනහේ සියල් බෝල්ට් පොයින්ට් පෑනෙන් කළ වික්‍රමයකි.

කැප්පෙටිපොල දිසාවේ ඇතුලු 1818 වෙල්ලස්සේ කැරල්ලට සහභාගී වූවා යයි ද්‍රෝහීන් ලෙස හංවඩු ලැබ හිස් ගැසුම් කෑ 82ක් විරුවන් , නිර්දෝෂී කොට විරුවන් බවට නීත්‍යනුකූල විරුවන් ලෙස සහතික කොට අත්සන් තබන ලදි. (නම් නොදත්, ඉන්ග්‍රීසි ආණ්ඩුවේ අනුදැනුම ඇතිව සිංහල මැරයින් විසින් බාබෙකිව් කල සිය දහස් ගණනක් වූ සාමාන්‍ය පුරවැසියන් ගේ නම් මෙතන නැත.)
මේ පිලිබඳව ලියු පෝස්ටුවක් ද දැන් අවුරුදු 5 කට 6 කට උඩදී දයල් බතී විසින් ලියන ලදි.

මේ ඕන මල දානයක් උනාදෙන්,
මට අප්සැට් එක උනේ ඔය ඉහත කී එකක්වත් නෙවෙයි.
එක ටෙක්ස්ට් මැසේජ් එකෙන් මගේ සිව් අවුරුදු ප්‍රථම ප්‍රේමය - ආදරය කටු ගා දැමූ අයුරු සිහිපත් වන විටය.
''ආයි මට මෙසේජ් එවන්න හෝ කථා කරන්න එපා. අපේ සම්බන්ධය අදින් ඉවරයි, මට දැන් බියර් බීල ඇතිවෙලා. .''