Followers

Saturday, February 24, 2018

සරත් ෆොන්සේකා හෙවත් මිලිටරියේ මානුශික මුහුණුවර, Monday, October 22, 2012, බලන්න මේ පැරණි බ්ලොග් සටහනින් ගන්න දෙයක් තියෙනවද කියල?



http://dayal-bathee.blogspot.com.au/2012/10/blog-post_22.html

ඇත්තටම  අපි මුලින් දැක්කෙ ජවිපෙ හා යූ එන්පිය(රනිල් හා ඉහල පෙළ කස්ටිය ඇර)  විසින් පුම්බපු ජෙනරල් සරත්,

යුද්ධෙ දිනපු ගමන්,
උණු උණුවේ....

ඉන්පසු එතුමාට හිරේ යන්න උනා.
මාතලන් කිව්ව වගේ දේශපාලනේ ඉන්නෙ ගල් ආඳො; රනිල් තුමා විපක්ශ නායක කම, ඇපත් නැතුව යන එක බේර ගත්ත. ආණ්ඩුව එතුමගෙ හුලං බස්සන්න පුලුවන් හැම දහං ගැටේම ගැහුවා.

එලියට ඇවිත් බලන කොට වටේ පිටේ හිටිය හුලං පුම්බපු  වින්කල් ආඳො පලාතකවත් නෑ.

තමන්ගෙ මිතුරන්ගෙ හැටි බලන්න තමන්ට කරදරයක් වෙන්න ඕනේ කියනවනේ.

ජෙනරල් සරත් ෆොන්සේකා මැතිඳු හිරේ ඉන්න කාලේ ඔක්කොම විරුද්ධ පක්ශ කාරයෝ වෙනසක් නොබල සහයෝගෙ දුන්න එතුමාව බේර ගන්න. අඩුම තරමින් කතා කරන්න. පෙලපාලි යන්න.
කාගෙ කාගෙත් වෙන වෙන එජෙන්ඩා Agenda තිබුනට  පොදුවේ බොහෝ පක්ශ එකතු උනා එතුමව බේරගන්න.
 ඒත් කාලයක් ගත උනා..
 ප්‍රජා අයිතිවාසිකම් ඉතුරු උනෙත් නෑ කියනවනේ.
 ඉතින් දුකේදී හැමෝම වගේ එකතු උනා.

පසු ගිය දහ අට වෙනිද උනේ වෙනම සිනාරියෝ scenario එකක්. එය දුටු ' බුවා ' අයියෝ ෆොන්සේකා කියල ෆොන්සේකා මහත්තයව උඩ ඉඳන් බිම වැටුන ගානට දාල කතා කලේ මතු පිටින් එහෙම පේන නිසා. බුවා තමයි සරලව දේශපාලනේ කතා කරන අපේ බ්ලොග් කරුවා. මට කොමෙන්ට් දාන්න ෆිට් එකක් තිබුනෙ නැති උනත් හැම දාම කියවනව. මාරයාත් හමුදාවල හිටපු කෙනෙක් විදියටත්, මේ ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට සම්බන්ධතා ඇති කෙනෙකු විදියටත් පසු ගිය පෝස්ටුවේ දක්වා තිබෙන ඔහුගේ මධ්‍යස්ත අදහස් ප්‍රශස්තයි කියල හිතෙනව. මම කැමතිම කෑල්ල මහජනතාව මෝඩ නෑ කියන එක.

පසුගිය 18වෙනිදා (2012 ඔක් ) කොළඹ හයිඩ් පිටියේ පැවති රැලියෙන් එතුමගේ ප්‍රධානත්වයෙන් පියවරක් තැබුව. මොකද්ද කරන්න යන්නේ කියල බොහෝ පාර්ශව වලට  පැහැදිලි කමක් නොතිබුනත් මහිතන විදියට එතුමගෙ පැත්තෙන් නිර්භීත පියවරක්. පිරිස් බලයක් එතරම් නොපෙනුනත් ස්වාධීනව ගොඩනැගීමේ අරමුණ පැත්තෙන් අන්තිම නරක තත්වයක් පෙනුනෙත් නෑ.  මොකද, ආණ්ඩුවත් යූ එන්පිය ප්‍රධාන විපක්ශයත් යම් තරමක  ශක්තිමත් තැනක ඉන්නේ. ඒ වටාපිටාව තුල විස්මිත, විකල්ප, වෙනත් ප්‍රතිපත්තියකුත් නොමැතිව, කොළඹ නගරය තුල ආණ්ඩුවට විරුද්ධව මෙවැනි රැස්වීමක් සංවිධානය කිරීමට යාමම ලොකු දෙයක් කියලයි මට හිතෙන්නේ. කවුරු මොනව කීවත් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන්නට ත්‍රිවිධ හමුදාවේ යුධ භටයනුත් එකතු විය යුතු බව එතුමා අපට කියා දෙනව. යුද්ධය කවුරු කුමක් අරභයා සිදු වූවත් දිවිදුන් යුධභටයින් විශාල කැප කිරීමක් කර ඇති බව අපට පිලිගන්නට සිදු වේ.

මට මතකයි, එතුමා කියනව යුද්ධයේ අන්තිම කාලයේදී, මේ ප්‍රශ්නය එනම් ජනවාර්ගික ප්‍රශ්නය, යුද්ධයෙන් පමනක් විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නොවෙයි දේශපාලන ක්‍රියාමාර්ගයක් අවශ්‍යය යයි කියල.

ඒත්, අද පැහැදිලිවම වෙනස්.

ෆොන්සේක මහත්තයගේ නව සංවිධානය

භික්ෂු පෙරමුණ ධජය යටතේ
බෞද්ධ
සිංහල
දූශණයට විරුද්ධ- මේ සටන් පාඨයට ලංකාවෙත් ඉන්දියාවෙත්(අන්නා හසාරේ ව්‍යාපාරය ) පොදුවේ හැම රටකම ඉල්ලුමක් තිබේ.
ඒකාධිපති ජනපති ව්‍යවස්තාවට විරුද්ධ බලවේගයක් ලෙස ගොඩනැගීමයි අරමුණ ලෙස පෙනෙන්නේ.


ඒ මහත්තය නව දිශානතිය කල්පනා කරල බලල, ගනන් හදල බලල තේරුම් බේරුම් කර ගත්තා විය යුතුයි.

පැහැදිලිවම සම්ප්‍රදායික වමෙන් වෙන් විය යුතුයි යන ප්‍රතිපත්තිය,
 අනෙක ඇමරිකානු ලංකා ප්‍රතිපත්තියට අනුකූල විය යුතුයි.
 (අරුනි සෑහෙන සන්තෝශවෙයි ඒ කාරණාවට )
එමෙන්ම විශ්‍රාම වයසට,
ඔහුගේ මුලු පවුලටම ගැලපිය යුතුයි.


එය ජවිපෙන් වෙන්වෙන්නේ බොහෝ සුලු වශයෙන්. එය නම් ජවිපෙ ආර්ථික ප්‍රතිපත්තිය , සංවෘත ආර්ථිකය පමණය. ඇත්තටම සරත් ෆොන්සේකාට ඇතුල්වන්නට සිදුවන්නේ ජවිපෙ ඡන්ද පදනමටයි, කියල මට නිකං හිතෙනව.
ඒ ඇත්තො ඒක ඉල්ලං කාපු එකක්. අමරසේකර, නලින්, ජේ ආර් පී ආදී අනන්‍යතා  කස්ටිය ගේ සිහින ලෝකයේ කුමරා මහින්ද වූවාසේම ජවිපෙ සිහින කුමරා, 'රතු හමුදාවේ' ලොක්කා, ජනරාල් සරත් ෆොන්සේකා විය. කාගෙ ඇඟේ තියලද කපන්නේ කියමින් බලාසිටි රනිල් තුමාට හිඟන්නාට ස්වීප් ටිකට් එකක් ඇදුනා හා සමාන විය.

කෙසේ වෙතත් හයිඩ් පිටියේ පැවති රැස්වීම, මී ලඟ ඡන්දයේදී යූ එන් පිය හෝ ශ්‍රී ලනිපය සමග කේවල් කිරීමකට යාමකට තරම් ප්‍රමාණවත් බවයි මගේ තේරුම.

 මන්ද මේ යන විදියට ඔහුට අවශ්‍යවන්නේ එක් පාර්ලිමේන්තු ආසනයක් පමණක්  වගේ පේන බැවිනි ?

අර්ජුන, ටිරාන් ආදී ඔබගේ සගයන් වේදිකාව මත නොමැති විට කෙනෙකුට එහෙම හිතෙන එක අසාධාරණ නෑ මහත්තයො?   ඒ නිසා ජාතික පක්ශයක් ලෙස වර්ධනය වීමට නම් මීට වඩා පුලුල් දර්ශනයක් අවශ්‍යය.


ලංකාවේ ඉහල පෙල විසින් ප්‍රතික්ශේප කරන ලදුව, ජනතාව අතරට ගිහිල්ල පුලුවන් නම් දිනාගනින්, යන ඔවුන් විසින් දෙන ලද අභියෝගය එතුමා භාර අරන් තිබෙනව.
 මිලිටරියත් හැදිල තිබෙන්නෙ මනුස්සයින්ගෙන්. ඒ අය විනයානු කූලයි, හැම දේම පිලිවෙලට, දිස්නෙට, ඒ අයටත් තිබෙනව මානුශික මුහුණවරක්. රටේ යහපත තකා සමහර විට කලාවට බර අපට අමානුශික ලෙස පෙනෙන දේවල් ඒ අයගේ එදිනෙදා පඩි ලබන රාජකාරිය. (උදාහරණ යුද්ධ කිරීම.)

  පොදු මහ ජනතාවට සවියක් වීමට හා අඳුරෙන් ගලවා ගැනීමට ශක්තියක් වීමට එතුමාට ශක්තිය ලැබේවා. මිලිටරියේ මානුශික මුහුනුවර පෙන්වීමට එතුමාට ධෛර්‍ය ලැබේවා.
එතුමගෙ තිබුනු, කෙලින් කතා කරන කමට අවංක කමට බොහෝ ජනතාව කැමතියි.
අපේ දේශපාලකයනට නැතිම දේ ඒකයි.! අපේ රට හොඳ ප්‍රජාතන්ත්‍රවාදී රටක් වීමට නම් එය අත්‍යවශ්‍ය දෙයක්!


යමක් සාර්තක උනහම හැමෝටම සාර්ථකත්වයෙන්/සාමයෙන් පංගුවක් ඕන වෙනව. Every one wants a piece of peace මෙතැනදී  සාමය. යුද්ධය සාර්ථකයි. එහි පාර්ශව කරුවෝ තමන්ගේ කොටස් ඉල්ලනව.

1. සංඝයා වහන්සේලා හෙළ උරුම කරුවන් - එතුමන්ලාට පාර්ලිමේන්තුවෙ ආසන ලැබිල තිබෙනව
2. ජනතාව 6% ක් අද්‍යාපනයට ඉල්ලනව.
 (ඒක ජනතා ඉල්ලීමක් ලෙස පාලක උතුමන්ලා සලකත්වා. මන්ද? අපේ හයිය අධ්‍යාපනයයි.)
3. වැඩ කරන ජනයා ජීවන වියදමට සරිලන වැටුප් ඉල්ලනව.
4. ගොවියො, ධීවරයෝ සිය නිශ්පාදනවලට මිලදී ගනියව් කියනව.
5. ත්‍රස්තවාදයෙන් මිදුනු දෙමල ජනයා සිය ප්‍රජාතන්ත්‍රවාදී අවස්තාවන් ඉල්ලා සිටිනව. (ගෝඨාභය මහත්තය 13 A නැති කරන්න හදන කොට රනිල් තුමා හිනා වෙනව ඇති, අන්න බලාපල්ල, Gota is palying for me now කියල. රනිල් බලාගෙන ඉන්නෙ ඒ ප්‍රශ්නය ඇදෙන කම් ගොඩ යන්න. )
6. මිලිටරිය සිය මානුශික මුහුනුවර වෙනුවෙන්  කුමන්ත්‍රණ වලට නොයා ප්‍රජාතන්ත්‍රවාදීව සිය කොටස ඉල්ලා සිටිනව ජෙනරල් ෆොන්සේකා හරහා.

සිංහයගේ කොටස Lions Share එක් පාර්ශවයක් විසින් පමණක් බුක්ති විඳින කොට ප්‍රශ්න.

මම කැමත්තෙන් හිරේ ගියා කියල දිව් රුම් පෙත්සම් දෙන්න සමාව ගන්න තරම් එතුමා පහලට වැටෙන්නෙ නෑ. මිලිටරියටත් ඒ සේවයටත් නම්බුවක් තියෙනව. දෙමල ජනයාටත් නම්බුවක් තිබෙනව. රටේ ඉගෙන ගත් නොගත් තරුණ හැමට නම්බුවක් තිබෙනව. ඔවුනගේ නම්බුවට
 බුද්ධියට නිගා නොකල යුතුයි.

 මෙයින් සමහර පාර්ශව මරාගෙන මැරෙන්න ගියේ  ඒකයි.

මේ මොහොතේ සියලු පාර්ශව එතුමාව අත හැරියත්,
සරත් පාර්ශවයේ ගමන් මග සියලුම පාර්ශවයන් විසින් ඉතාම සැලකිල්ලෙන් බලා සිටිනවාට අනෙක් විරුද්ධ පක්ශවල ගමන් මග තීරණයට බලපානවාට සැක නෑ.

1 comment:

  1. "මිලිටරිය සිය මානුශික මුහුනුවර වෙනුවෙන් කුමන්ත්‍රණ වලට නොයා ප්‍රජාතන්ත්‍රවාදීව සිය කොටස ඉල්ලා සිටිනව ජෙනරල් ෆොන්සේකා හරහා "

    මෙක ගංජ ගහපු එකෙක් ලියල තියෙන්නෙ

    පොන් සේක එක පාරකට වැඩි ගණනක් මිලිටරි කුමන්ත්‍රණ කරන්න ට්‍රයි කලාට නාවික හමුදාව ගුවන් හමුදාව වගේම යුධ නමුදාවෙ ඇතැම් කොටස් හින්දා කරගන්න බැරි උනා.

    එවකට ගුවන් හමුදාපති, නාවික හමුදාපති එක්ක පොන්සේකගෙ බද්ධ වෛරයට හේතුව ඕකයි

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්