Followers

Thursday, April 12, 2018

ජෙහාන් මලේ නෑ


ජෙහාන් මැරුණෙ නෑ නේ, දන්නවනේ..
කොහොමද මෑන්ස්ව සෙත්තපෝච්චිකරල.2020ත් ළඟයිනේ..

ලේකම්ගෙන් ඇමතුමක් ජෙහාන්ට..

ලේකම්තුමා මොකද්ද මේ පාර මරාලේ ?

මේ අහනව ජෙහාන්

මොකද්ද?? ජෙහාන් අමනාපයෙනි.

මේ පාර ගේම් එක ලේසියි, මේක වෙනම වැඩක්, වෙනම ආතල් එකක්, තමුසෙට මේක සිම්පල්.

මම බැඳපු මිනිහෙක් දන්නවනේ, ඉස්සර වගේ රිස්ක් ගන්න බෑනේ

නිකං ඉන්නව අයිසේ, අපිට සුදු ලුණු පොඩි කරන්නේ නැතිව, මොකෝ අපි නොදන්නව කියල හිතෙනවද? තමුසෙගෙ වැඩ..

විශ්වාස බංගෙද, ඒකට මම නෑ ලේකම් තුමා

නිකං ඉන්නව අයිසේ, තමුසෙට මම කියල දෙන්නද තමුසෙ කරපු රෝල් එක

මොකද්ද ???

මුකුත් නොකර ඉන්න තමුසෙ පොරොන්දූනා, හා ඒකෙන් වැඩක් නෑ..
මල්දෙනිය හැමතිස්සෙම තමුසෙගෙ නම කියනව මේ කාරණාව ආවම

මම ඒ ගැන මුකුත් කියන්න යන්නේ නෑ, ඔබතුමා කිව්වනේ දන්නවකියල.
හා ඉතින් කියමු බලන්න, මොකද්ද මේ පාර මොකක්ද මගෙන් කෙරෙන්න ඕන කියල..

දන්නවනේ 2020 ත් ලඟයිනේ...

ඉතින්, ජෙහාන්ගේ අමනාපය තවම සියයට සියයක් දුරුවී ගොස් නැත.

ජෙහාන්ට මතකයිනේ අපි බ්ලොගර්ස්ලව කොහොමද යූස් කලේ කියල, ගියපාර

හම්, ඔව්, මාත් පොඩ්ඩක් හිටියනේ සයිඩ් එකෙන්
ඔව් මට මතකයි, අර ලී කෑලි යකඩ කෑලි ප්ලෑන් එක. වැඩි වියදමක් ගියේ නෑනේ. අරක්කු ටිකත් උන්ම ගත්තනේ..

මේ පාර ඒක හරි යන එකක් නෑ

ඒක තමයි මල්දෙනියත් කියන්නේ..

3 comments:

  1. මල කෝලන් අනේ .....බලාගන ඉන්න වෙලාවට කලාවට අර ලී කෑලි යකඩ කෑලි ප්ලෑන් එක ආපු ගමන් මොකද වෙන්නේ කියලා .
    ගන් කබ්ස් ලා කොළඹ එන්න අවස්ස්තාවක් කරගන්න මොනවද නොකරන්නේ , ගෑනුන්ට ටීවී එකේ මුණ දාගන්න , විස්කි දැකපු නැති ඒවුන්ට
    බීලම පිනට රස බලන්න, එයාර් මයිල්වලින් ප්‍රයෝජන්ගන්න, තරු හෝටල්වල පැණි බොන්න, ලෙගෝ ගහපු ටී ෂර්ට් ඇදන් ඇවිත් මන් පොර වන්න ...
    කොච්චර කියලා කරගන්න පුළුවන් ද

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්