Followers

Monday, October 15, 2018

දුවන්න කියා අවුට් කිරීම-මැතිව්ස් න්‍යාය-Run him out!


දුවන්න කියා අවුට් කිරීම-මැතිව්ස් න්‍යාය-කස්ටියට පසක් වූයේ මඳක් ප්‍රමාද v වූවත් සංඛ්යාවලට බොරු කරන්න බැරිය.

ලෝකයේ වැඩිම රන් අවුට් සංඛ්යාවට හිමිකම් කියන්නේ අපේ සිටින තුන් ඉරියව්වේම කැපී පෙනෙන දක්ශයෙක් වූ මැතිව්ස්ය.

ඔහු ගේ දස්කම් අභිභවා වෙලාවක මට  ටිකක්  පෙනුනේ සරත් එන් ද සිල් වගේ කෙනෙක් ලෙසය.

නීතිය ත් දනිමි. හැබැයි නවමි. පුලුවන් නම් අල්ලපන්.. වගේ සීන් එකක්ය.

 ඒ න්‍යාය ප්‍රසිද්දියේ කිවූ අපේ පොලිස්පති තුමාටත් කණ කොකා අඬනවා වගේය.

 හැම අතින්ම,  පට්ට වැඩකාරයෙක් වූ සනත් ජයසූරියටත් අයි සී සී එකෙන් කෝල් එකක් ඇවිල්ලාය.

දැන් සමහෙරෙකුට අයි සී සී එක පෙනෙනුයේ අයිසිස් එක වගේ වුනොත් ඉතින් පුදුමයක් නැත.

බුකී තුමාටත් කෝල් එකක් එයිද? අවසන් මහ තරඟයේදී ඉන්දියාවට පරදින්න බලපෑම් කල බව මහේල කියා

තිබේද? කියා තිබේ නම් දුර දිග නොයන්නේ ඇයි?

දේසපාලනේ, මාධ්‍ය විසින් ගෝටාව දිවෙව්වේය. බැසිල්ව දිවෙව්වේය.

 දැන් රන් අවුට්ය.

 නාගාව හා රොහාන්වට් තවම  දුවවන්නේය.

නමුත් ටික ටික බ්‍රේක් වෙන බව පෙනේ.

දුවන්න කියා අවුට් කොට සඟවා ගෙන සිටින ජොකියා එලියට ගනු ඇත.

මෛත්‍රී සුදානම් වෙමින් සිටී.

 පොහොට්ටු පාර්ශවය හොඳට, ඒ කියන්නේ කාඩ් එක බේරගෙන හෙවත් ගේමක් දී  පැරදීමට සැරසෙමින් ඇත.

2030 නායකයා ලෙස නාමල්ව ගෙන එමින් සිටී.

ඒ අතරම රටේ බලය හොබවන පංතියට චැලෙන්ජ් එකක් ලැබී ඇත.

ආයුද අතට නොගන්නා සාපේක්ශ  ක්ලීන් රැකෝර්ඩ් එකක් තියෙන කස්ටියක් ජනමතයට විසාල බලපෑමක් කල හැකි, බලය වෙනුවෙන් ස්තිර අදිටනක් ඇතුව වැඩට බැස ඇති යම් කස්ටියක් මතු වි තිබේ.

ඉතින් දැන් සෙල්ලම් නෙවේ කොල්ලනි.

රනිල් පක්ශයේ සිය බලය තියාගෙන රටේ බලය වෙන කාටවත් දී කල්මරන්න වුවද සූදානම් පොරකි.

මෛත්‍රීට එරෙහිව ගියහොත් කාට වුවද දිගට හරහට නඩු වැටෙන්නට පුලුවන.

ඒ නිසා පස්සලා ඉන්නේ ඩීල් එක දාගෙන අඩියක් පස්සට ගන්න බලාගෙනය.

යූ එන් පියද සීරුවෙනි. ලොක්කා මොනා කරයිද කියා දන්නේ නැත.

නවකයින්ට බලය ලැබෙන්නේ 2030 දීය.

ඒ නිසා පොහොටුවෙන් බොහෝ විට මතුවෙන්නේ ඩමියක් විය හැකි අතර, රාජිත, චම්පික, මංගල ආදී පෙරමුණ මෛත්‍රීව උස්සාගෙන යනු ඇත.

ඩොලරය 170 හරියේ ගල් වනු ඇත.

 ජනපතිවරණය කිට්ටු කොට, රජයේ සේවක පඩි වැඩි වනු ඇත.

නඩු කීපයක් ඉක්මන් කරනු ඇත.

 උඩු රැවුල වැවුණු මෛත්‍රී බලයට.

නව ජනපතිව අවුට් කිරීම පහුවදා  සිට ඇරඹෙනු ඇත. ඩොලරය නැවත ඉහලට..

වරාය නගරයේ තට්ටු ගොඩනැගිලි වල ඉහල මාලයන්හි දැල්වෙන නියොන් එළි...බල බල  තෙලින් සරු පේසාලේ ඉහලින් පියාසර කොට අපේ ස්ත්‍රීන්ට මැදපෙරදිග යාමට රත්මලානෙන්ද හැකි වනු ඇත.

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්